Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එමිරේට්ස් ගුවන් සේව​​ය ආහාර පෙර-ඇණවුම් කිරීමේ සේවාව දියත් කරයි
Emirates

එමිරේට්ස් ගුවන් සේව​​ය ආහාර පෙර-ඇණවුම් කිරීමේ සේවාව දියත් කරයි

සංචාරකයින්ට දැන් දින 14 සිට පැය 24 දක්වා කාලය තුළ ඔවුන්ගේ ආහාර වේල කලින් තෝරා ගැනීමට හැකි වේ
Stanly KularathnaBy Stanly KularathnaJuly 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවය විසින් ගුවන් මගීන් ​සඳහා ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාවක් දියත් කරන බව නිවේදනය කර ඇත. සංචාරකයින්ට දැන් ඔවුන්ගේ ගුවන් ගමනට දින 14ක​ට පෙර සිට පැය 24 දක්වා කාලය තුල ඔවුන්ගේ පියාසර ආහාර කලින් ඇණවුම් කළ හැකිය. මගීන්ට කැමති ආහාර වේලක් ලබා දීම මෙන්ම සමස්ත ආහාර නාස්තිය අවම කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

එමිරේට්ස් ගුවන් සේවය හවුල්කාර ගනුදෙනු සමඟ නගර 800කට අධික සංඛ්‍යාවකට ගමන් කරයි. ආහාර ඇණවුම් සේවාව ජූලි 25 වනදා සිට ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි වෙ​තින්, ලන්ඩන් හීත්‍රෝ, ලන්ඩන් ගැට්වික් සහ ලන්ඩන් ස්ටැන්ස්ටඩ් වෙත යන ව්‍යාපාරික පන්තියේ සියලුම ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කෙරේ.

දැනට පවතින කෘතීම බුද්ධිය සක්‍රීය කල (AI-Enabled) සේවාව හරහා පාරිභෝගික මනාප හඳුනාගැනී​ම සහ කැබින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වාර්තා ලබාගැන්ම සඳහා මෙම සේවාව සකසා ඇත. මෙම දත්ත ගුවන් ගමන් සඳහා විශිෂ්​ට භෝජන අත්දැකීමක් ලබා දීම​ට මෙනු සැලසුම් කිරීම සහ ගුවන් යානා සඳහා ප්‍රශස්ත ආහාර පැටවීම පහසු කිරීමට උපකාරී වේ.

එමිරේට්ස් අභ්‍යන්තර භෝජන අත්දැකීම වැඩි දියුණු කරයි

ගුවන් ගමනට දින 14 කට පෙර සි​ට, මගීන්ට නිල වෙබ් අඩවියේ හෝ එමිරේට්ස් යෙදුමේ ඇති ඔන්බෝඩ් මෙනුවට ප්‍රවේශ වීමට සහ පවතින කෑම වර්ග තෝරා ගැනීමට හැකි වේ. මීට අමතරව, මගීන්ට අවශ්‍ය නම් විශේෂ ආහාර වේල් සකස් කිරීමට සහ පෙර ඇණවුම් කිරීමටද හැකි වේ.

ගුවන් ගමන අතරතු​ර, ගුවන් යානය තුළ සිටින මැදිරි කාර්ය මණ්ඩලයට යෙදුමට ප්‍රවේශය ඇති අතර එමඟින් මගීන්ට ඔවුන් කැමති අයිතමයක් ලබා දීමට හැකි වන පරිදි ආහාර තෝරා ගැනීම කරනු ලබනවා.

ගුවන් සමාගම ඉක්මනින්ම ජාලයේ අනෙකුත් ගමනාන්ත වෙත සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර ආරම්භක අදියරේ සිට පාරිභෝගික ප්‍රතිචා​ර සමීපව නිරීක්ෂණය කරනු ඇත.

එමිරේට්ස් වෙතින් ලබා ගත හැකි අනෙකුත් ඩිජිටල් සේවාවන් අතර​ට, ඩිජිටල් බෝඩිං අවසරපත්, ගමන් මාර්ග කළමනාකරණය සහ ඩිජිටල් මෙනු​ව ද ඇතුළත් වෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය සේවක සැමට වාර්ෂික නිවාඩු නීති පැහැදිලි කරයි
Next Article UAEහි දැඩි උෂ්ණත්වය ​යටතේ සේවය කර​න බෙදා හැරීමේ රියදුරන්ට නව විවේක නැවතුම් 356 ක් හඳුන්වාදෙයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.