Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Airport»ජූලි මාසයේදී, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ ලෙස එහි ස්ථාන​ය රැක ගනී 
Airport

ජූලි මාසයේදී, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ ලෙස එහි ස්ථාන​ය රැක ගනී 

Stanly KularathnaBy Stanly KularathnaJuly 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) ගෝලීය ගුවන් සේවා විශ්ලේෂණ සමූහය OAG හි මාසික විශ්ලේෂනයට අනුව ජූලි මාසයේදී “ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ” ලෙස නැවත වරක් එහි ස්ථාන​ය රැකගෙ​න ගෙන ඇත.

ආසන මිලියන 4.9ක් සමඟින්, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ​ට (DXB) ඊළඟ කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ලන්ඩන් හීත්‍රෝහි (LHR) ආසන මිලියන 4.1 ට වඩා 19% කින් වැඩි ජාත්‍යන්තර ධාරිතාවක් ඇත. ගිම්හාන සංචාරක තදබදය හේතුවෙන්, ඩුබායි හි දිනකට ආසන 2023 ජුනි මාසයට සාපේක්ෂව 2% කින් වැඩි වී ඇති අතර, ලන්ඩන් හීත්‍රෝ 1% වැඩිවීමක් දක්නට ලැබේ.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) දේශීය හා ජාත්‍යන්තර ගුවන් සේවා ධාරිතාව මනින දෙවන කාර්යබහුලම ‘ගෝලීය ගුවන් තොටුපල’ ලෙස​ද සිය ස්ථානය රඳවා ගෙන ඇති බව OAG පවසයි.

ඇට්ලන්ටා (ATL) 2023 ජූලි මාසයේදී ආසන මිලියන 5.5ක් සහිත ලොව “කාර්යබහුලම ගෝලීය ගුවන් තොටුපල” වේ. ආසන මිලියන 4.9ක් සහිත දෙවන “කාර්යබහුලම ගෝලීය ගුවන් තොටුපල” වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට (DXB) වඩා 12%ක් වැඩිය.

DXB අඛණ්ඩව මාස කිහිපයක් තිස්සේ කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ඉහළම ස්ථානය රඳවා ගෙන ඇත. “පසුගිය මාසයේ DXB පැවසුවේ ජුනි 20 සහ ජූලි 3 අතර සාමාන්‍ය දෛනික ගමනාගමනය 252,000 ක් සමඟ මගීන් මිලියන 3.5 ක් හැසිරවීමට අපේක්ෂා කරන බවයි. ජූනි 24 සෙනසුරාදා DXB හරහා පමණක් මගීන් 100,000 ක් ගමන් කළ බව ගුවන් තොටුපළ වාර්තා කළේය. මාධ්‍ය වාර්තාවලට අනුව, ගිම්හාන කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් තොටුපළ හරහා ගමන් කරන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5 ක් වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කලාපය තුළ, දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය මාසයට සාපේක්ෂව දිනකට 7% වැඩිපුර ආසන එකතු කළ අතර ලැයිස්තුවේ නවවන ස්ථානයේ සිටී.

ඇම්ස්ටර්ඩෑම් (AMS) පසුගිය මාසයට සාපේක්ෂව දිනකට 3% වැඩිපුර ආසන එකතු කරමින් මාසික ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත් විය. එපමනක් නොව, London Gatwick (LGW) මෙම මාසයේ වැඩිම ආසන ගනන ලෙස 263,710 ක් එකතු කර ඇති අතර, එය පසුගිය මාසයට වඩා දිනකට 9%​ක වැඩි වීමකි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleව්‍යාජ ඩෙබිට්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඩිරාම් මිලියන 2 දක්වා දඩ මුදල්
Next Article රාජසන්තක කරන ලද වාහන හිමිකරුවන් සඳහා සාජා දින 4ක සහන කාලයක් ලබා දෙයි
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.