Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි
Events

වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් දිනවයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හත්වැනි තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවැති තර​ඟයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ජැෆ්නා කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය ජැෆ්නා ක්‍රීඩකයෝ, ඕවර 12.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 23 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළ තව්හිත් රිඩෝයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර් බාස් (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 83 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිඩෝයි සමත් විය. පන්දු 39 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 අන්තර් ගත විය. ජැෆ්නා ඉනිමේ බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට සකීබ් අල් හසන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ජැෆ්නා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය.

ගෝල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක දසුන් ශානක පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් පන්දු 25 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 23 කට මුහුණදුන් ටිම් සෙයිෆට්ට හයේ පහරක් සමග ලබගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.

ගෝල් ටයිටන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 9 කට 117

(ෂෙවෝන් ඩැනියෙල් 25, ලසිත් කෲස්පුල්ලේ 19, ටිම් සෙයිෆට් 18, දසුන් ශානක 30, දුනිත් වෙල්ලාලගේ 10/4, නැන්ඩීර බගර් 15/2)

ජැෆ්නා කිංග්ස් පිල – ඕවර 124 කදී කඩුලු 2 කට 120

(රහ්මනුල්ලා ගුර්බාස් 54, තව්හිත් ඊඩෝයි නොදැවී 44, සකීබ් අල් හසන් 31/2)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබී-ලව් කැන්ඩි පිල පළමු ජය ලබයි
Next Article වාහනවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඩිරාම් 1,000 දඩයක්
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.