Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»UAEහි අනතුරුවලින් තොර දිනය අ​දයි
Fines

UAEහි අනතුරුවලින් තොර දිනය අ​දයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 28, 2023Updated:August 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාස දෙකක විරාමයකට පසු, කහ පැහැති පාසල් බස් රථ නැවත වරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවල දැකිය හැකිවනු ඇත. නව අධ්‍යයන වර්ෂයේ පළමු දිනය වන අ​ද සිය දහස් ගණනක් සිසුන් නැවත පාසලට පැමිණෙනු ඇත. රියදුරන් ආරක්ෂිතව සිටීම සහතික කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MoI) අගෝස්තු 28 ‘අනතුරුවලින් තොර දිනයක්’ (accident-free day) ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එදින ආරක්ෂිතව රිය පදවන බවට ප්‍රතිඥාවක් ගැනීමට රියදුරන් උනන්ඳු කරනු ලැබේ. ඔවුන්ට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MoI) වෙබ් අඩවියේ ආරක්ෂක ප්‍රතිඥාව ලබාගත හැක. රියදුරන් අනතුරු වළක්වාගෙන එදින මාර්ග නීති කඩකිරීම් ලියාපදිංචි නොකරන්නේ නම් ඔවුන්ගේ රියදුරු බලපත්‍රයේ කළු ලකුණු හතරක් ඉවත් කෙරේ. ක්‍රියාවලිය ස්වයංක්‍රීය වන බැවින් සහනය ලබා ගැනීමට මෝටර් රථ හිමියන්ට සේවා මධ්‍යස්ථානයකට යාමට අවශ්‍ය නොවනු ඇත.

කළු ලකුණු යනු බරපතල මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට පනවන ලද දණ්ඩනීය පියවරකි. රියදුරන් සෘණ ලකුණු 24 ක් රැස් කරගත් පසු, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවනු ලැබේ.

MoI, රියදුරන්ට ආරක්ෂිතව සිටීමට ඉඟි කිහිපයක් ලබා දී ඇත. මෙ​ම ඉඟි වලට අදාළ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ දඩ පහත දැක්​වේ:

  • ඉදිරියෙන් ඇති වාහනයේ සිට ආරක්ෂිත දුරක් තැබීමට අපොහොසත් වීම: ඩිරාම් 400 දඩයක්, කළු ලකුණු 4ක්
  • මාර්ගය හරහා ගමන් කරන පදිකයින්ට ඉඩ ලබා දීමට අපොහොසත් වීම: ඩිරාම් 500 දඩයක්, කළු ලකුණු 6ක්
  • ආසන පටි නොපැළඳී​ම: ඩිරාම් 400 දඩයක්, කළු ලකුණු 4ක්
  • වේගයෙන් ධාවනය කිරීම: වේගවත් ධාවන වැරදි සඳහා වෙන වෙනම දඩ අටක් ඩිරාම් 300 සිට ඩිරාම් 3,000 දක්වා පරාසයක පවතී. රියදුරු වේග සීමාව ඉක්මවා යන වේගය අනුව දඩය වැඩි වේ. වේග සීමාව පැයට කිලෝමීටර 80 ට වඩා වැඩි වීම නිසා ඩිරාම් 3,000 දඩයක්, කළු ලකුණු 23 ක් සහ වාහනය දින 60 කට රාජසන්තක කෙරේ.
  • රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතා කිරීම: ඩිරාම් 800 දඩයක්, කළු ලකුණු 4ක්.
  • හදිසි, පොලිස් සහ රාජ්‍ය සේවා වාහන හෝ නිල රථ පෙළට ඉඩ සැලසීමට අපොහොසත් වීම: ඩිරාම් 1,000 දඩයක්, කළු ලකුණු 6ක්.
  • හදිසි හැරවීම්: ඩිරාම් 1,000 දඩයක් සහ කළු ලකුණු 4ක්
  • පාසල් බස්රථවල STOP පුවරු සංඥාවේදී නතර කිරීමට අපොහොසත් වීම: ඩිරාම් 1,000 දඩයක්, කළු ලකුණු 10ක්
  • නුසුදුසු ලෙස වාහන නැවැත්වීම: ඩිරාම් 500 දඩ. ඔබ ඔබේ මෝටර් රථය ගිනි නිවන මෙවලම් හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වෙන් කර ඇති ස්ථානයක් ඉදිරිපිට තැබුවහොත්, දඩුවම ඩිරාම්1,000 ​ක දඩයක් සහ කළු ලකුණු හයක් වේ.
  • ළමයින්ට ඉදිරි අසුනේ වාඩි වීමට ඉඩ දීම: වයස අවුරුදු 10ට අඩු හෝ සෙ.මී. 145ට වඩා අඩු උස දරුවන්ට වාහනයක ඉදිරිපස අසුනේ වාඩි වීමට අවසර නැත. වරද සඳහා දඩය ඩිරාම් 400 කි.
Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව අධ්‍යයන වර්ෂය සඳහා UAEහි සිසුන් 290,000 කට වැඩි පිරිසක් අද පාසල් යති
Next Article පාසල් බස් රථ, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අබුඩාබි පියවර ගනී
Stanly Kularathna

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.