Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ආසියානු කුසලාන සමාරම්භක තරඟයෙන් පාකිස්තානයට ලකුණු 238 ක දැවැන්ත ජයක්
Events

ආසියානු කුසලාන සමාරම්භක තරඟයෙන් පාකිස්තානයට ලකුණු 238 ක දැවැන්ත ජයක්

Stanly KularathnaBy Stanly KularathnaAugust 31, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ඕවර 23.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. නේපාල කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ශදාබ් බාන් ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳහෙලූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හාරිස් රවුෆ් ලකුණු 16 කට කඩුලු 2 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 342 ක් ලබාගත් අතර බාබර් අසාම් (151) සහ ඉග්නිකර් අහමඩ් (නොදැවී 109) ශතක ලබාගනිමින් පාකිස්තාන ඉනිම සවිමත් කළහ. පන්දු 131 කදී වාර්තා වූ බාබර් ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත වූ අතර පන්දු 71 කට මුහුණදුන් ඉල්තිකර් හයේ පහර 4 කින් සහ හයේ පහර 11 කින් ඉනිම සැරසුවේය.

ලකුණු 25 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව මොහොමඩ් රිස්වාන් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර්, ඉන් නොනැවතී ඉෆ්තාකර් අහමඩ් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 24 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පාකිස්තානය – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 342

(බාබර් අසාම් 151, මොහොමඩ් රිස්වාන් 44, ඉග්නිකර් අහමඩ් නොදැවී 109, සෝම්පාල් කාමි 85/2)

නේපාලය – ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 104

(අරිෆ් ෂෙයිබ් 26, සෝම්පාල් කාමි 28, ශදාබ් ඛාන් 27/4, හාරිස් රවුෆ් 16/2, ශහීන් අෆ්රිඩි 27/2)

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ටැක්සි නව සේවාවන් 4 ක් දියත් කරයි
Next Article Sinopec ශ්‍රී ලංකාවේ පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කරයි
Stanly Kularathna

Related Posts

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටි 25 ක් පිරිනමයි

May 16, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.