එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි සහ උතුරු එමිරේටයේ නව කොන්සියුලර් ජෙනරාල් ලෙස පත්වූ ගරු ඇලෙක්සි ගුණසේකර මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (08) රාත්‍රී ඩුබායි ඩේරා පුල්මන් හෝටලයේදී පවත්වනු ලැබුවා.
ඇලෙක්සි ගුණසේකර මැතිතුමා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර පාසල් සමයේ සිටම ක්‍රීඩාවන්ට දස්කම් දැක්වූවෙකි. ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්රිකසේවයේද කීර්තිමත් නාමයක් හිමිකරගෙන ඇති අතර වසර ගනනාවක් ප්‍රංශය, චීනය වැනි රටවල්හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සේවය කොට ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර කවුන්සිලය විසිනි. මෙම පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමා සමග පාසල් ආදි ශිෂ්‍යය සංගම්, වෘත්තිය සංගම්, ව්‍යාපාරික ප්‍රජාව, ක්‍රීඩා සමාජ, ස්වේච්ජා සංවිධාන සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අමුත්තන් රැසක්ද එක්වී සිටියා.