Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකන් ගන්න එමිරේට්ස් හා ටාටා සූදානමින්
Uncategorized

ශ්‍රී ලංකන් ගන්න එමිරේට්ස් හා ටාටා සූදානමින්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය මිලට ගැනීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් උනන්දු වන බවද, කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 40% ක කොටස් හිමිකරගෙන සිටි එමිරේට්ස් ගුවන් සේවය ද ඒ අතර විය හැකි යැයි ද එම සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටාල් මහතා ප්‍රකාශ කර තිබේ. බිලියන 1.4ක ජනගහණයක් සිටින ඉන්දියාවේ වාණිජ ගුවන් යානා ඇත්තේ මිලියනයකට 0.5ක් පමණක් වන හෙයින් ඉන්දියාව වැනි රටකට ප්‍රවේශ වීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම්වලට එතුළින් අවස්ථාවක් නිර්මාණය වන බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගියදා ඉන්දියානු ගුවන් සේවය මිලදී ගත් ටාටා එන්ටප්‍රයිසස් සමාගමද ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට උනන්ඳු වන බවය.

1998 සිට වසර 10ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් හිමිව තිබුණේ එමිරේට්ස් සමාගමටය. එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ලාභයක් ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 2008 දී යළි ශ්‍රී ලංකා රජයට පවරා ගැනුණු අතර රජයේ පරිපාලනය යටතේ වසර හතක කාලයක් තුළ එය ඩොලර් මිලියන 875ක අලාභයක් ලැබීය.

කොවිඩ් වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම, පාස්කු ප්‍රහාරය සහ ආර්ථිකය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි බලපෑමක් එල්ල විය. වසර 15 පසු 2023 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් යටතේ ඩොලර් මිලියන 100ක මෙහෙයුම් ලාභයක් ලබා තිබේ.

ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ ගුවන් යානා 23 සිට 40 දක්වා වැඩි කළ හැකි නම් ආදායම ඉහළ නංවාගත හැකි බවද ප්‍රධාන විධායක නිලධාරියා පෙන්වා දී තිබේ. දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 61ක ගමනාන්ත 126කට සේවා සපයයි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅගෝස්තු මාසයේදී විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 499.2​ක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉහළ​ට : ආර්ද්‍රතාවය 90%ක්
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම අහෝසි කිරීමෙ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.