Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අඟවමින් විදේශ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට…
Foreign Employment

ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අඟවමින් විදේශ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට…

Stanly KularathnaBy Stanly KularathnaSeptember 19, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අ​ඟවමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශ​ණ ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ රැකියා අමාත්‍යාංශය, එහි විෂය භාර අමාත්‍යවරයාගේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමාගේ අනුග්‍රහයෙන් නවසීලන්තය, නෙදර්ලන්තය, දකුණු කොරියාව හා ජපානය වැනි රටවල රැකියා ලබාදීමේ වැඩසටහනක් පවතින බවත්, ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වැය වන බවත්, මුලින් රුපියල් ලක්ෂ 7.5 ක මුදලක් අවශ්‍ය යැයි ජනාධිපති කාර්ය සාධන බලකායේ පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කරන බවට කාර් යාංශය වෙත පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශ​ණ නිළධාරීන් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් අදාල පුද්ගලයා බත්තරමුල්ල නගරය වෙත කැඳවා ගත් අතර, “ජනාධිපති කාර්යාලය” ලෙස සඳහන් නාමපුවරුවක් සහිත මෝටර් රථයකින් ඔහු අදාල ස්ථානයට පැමිණ තිබේ. උපාය දූතයින් හමුවූ අවස්ථාවේදී, තමන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන බව පවසමින් රාජ්‍ය නිළධාරියෙකු ලෙස හැ​ඟවෙන පරිදි කටයුතු කර ඇත.

එම පුද්ගලයා විසින් එහිදී විදේශ රැකියා ලබාදීම සඳහා ගිවිසුමක් සකස් කර ඇති අතර, එම අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බ​ඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර් යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article‘Best before’, ‘Expiry’, ‘Production date’: ඩුබායි මහ නගර සභාව ආහාර ලේබල් අතර වෙනස පැහැදිලි කරයි
Next Article UAEහි ව්‍යාපාර සඳහා විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ නිකුත් කරයි
Stanly Kularathna

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.