Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ICC, ක්‍රීඩා ඇමතිගේ කමිටුව ප්‍රතික්ෂේප කරයි
Sports

ICC, ක්‍රීඩා ඇමතිගේ කමිටුව ප්‍රතික්ෂේප කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 2, 2023Updated:October 2, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවී සාකච්ඡා කිරීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අලුත්ම පියවර සැලකෙන්නේ මෙම ත්‍රිපුද්ගල කමිටුව හරහා ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා ආයතනයේ ජාත්‍යන්තර කටයුතු හැසිරවීමටත් එහි පරිපාලනය මෙල්ල කිරීමටත් ගන්නා තවත් උත්සාහයක් ලෙසිනි.

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම හිටපු අතුරු කමිටු සභාපතිවරයකු ද වන සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත් වෙති.

“ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයත්, ස්වාධීනත්වය සහ විනිවිදභාවයත් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර හා ජාතික ක්‍රිකට් සම්මේලන සමග සන්නිවේදනය කිරීමටත්, අධීක්‍ෂණය කිරීමට හා සම්බන්ධීකරණය පවත්වාගැනීමටත්, අවශ්‍ය අවස්ථාවලදී ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දීමටත් මෙම කමිටුව පිහිටුවා තිබේ” යයි ක්‍රීඩා ඇමතිවරයා විසින් පසුගිය 28 වැනිදා නිකුත් කරන ලද ලපියේ සඳහන් වේ.

පසුගිය සතියේ මෙම කමිටුව පත්කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දෙමින්, එහි ප්‍රධානියා වන ග්‍රෙග් බාක්ලේ මහතා සමගින් සාකච්ඡා කිරීමට අවශ්‍ය යයි දන්වා සිටියේය. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් එම ඉල්ලීම දැඩි සේ ප්‍රතික්ෂේප කර ඇති අතර, කිසිදු රජයේ මැදිහත්වීමකින් තොරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කටයුතු ස්වාධීනව පාලනය කිරීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කර ඇත.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සියලු කාරණා සඳහා අපි සම්බන්ධ වන්නේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ආයතනය සමගයි” යයි සඳහන් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩයිස් මහතාගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය සිකුරාදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත එවා තිබේ.

“එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරියා, ඔබ විසින් පත්කරන ලද ක්‍රිකට් ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව හමුවන්නේ නැත. ඒ සඳහා කිසිදු අනුමැතියක්ද දී නොමැත” යයි ද එම ලිපියේ සඳහන් වේ.

“අප්‍රේල් 11 වැනි දින මවිසින් ඔබට එවන ලද ලිපියේ සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කරගත යුත්තකි. එමෙන්ම එහි පාලනයට හෝ නියාමනයට රජයේ නැතහොත් වෙනත් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයකට මැදිහත් වීමක් සිදු නොවන බවට සහතික වීමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපේක්ෂා කරයි” යයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීතිවලට අනුව, එහි සාමාජිකත්වය දරන ලෝකයේ සියලුම ජාතික ක්‍රීඩා සංගම්, රජයේ මැදිහත්වීම්වලින් තොරව, ස්වාධීනව ආකාරයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරණාවකි. ක්‍රීඩාවේ අවංකභාවය ආරක්‍ෂා කිරීමේ අරමුණ ඇතිව එවන් කොන්දේසියක් පනවා තිබේ. බොහොමයක් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවත්, දේශීය නීතිවලට ගරු කරමින්, සිය සාමාජිකයන්ගේ පූර්ණ ස්වාධීනත්වය ඉල්ලා සිටී.

සත්කාරක අයිතිය රඳවා ගනිමින් වුවද, පසුගිය වසරේදී (2022) පැවැති ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත මාරු කළදා සිටම ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේද ඇති විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් පරිහරණය සහ එහි පරිපාලනයේ විනිවිදභාවය නොමැතිකම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා විවෘතවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරයි. එසේ වුවත් දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යංශයට මුදලින් ආධාර උපකාර කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමතිවරයාගේ හීසැර වන් වදන් හමුවේ නොසැලී සිටී.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රීඩා නීතිය අනුව, ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ජාතික ක්‍රීඩා ආයතනයක ලියාපදිංචිය අහෝසිකර එය විසුරුවා හරිමින්, අදාළ ක්‍රීඩා සංගමය හෝ සම්මේලනය අන්තර් කමිටුවක පරිපාලනය යටතට පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයාට බලතල තිබේ.

දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් විය.

අනතුරුව, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කරන ලදී. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජ්‍ය සභාපති උස්මාන් ක්වාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා වන නස්මුල් හසන් මෙම කමිටුවේ අනෙක් සාමාජිකයෝ දෙදෙනා වෙති.

ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ක්වාජා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. ඒ අතරවාරයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ හිටපු පරිපාලකයින් කිහිප දෙනෙකු ද හමු විය.

මේ අතර විස්සයි-20 තරගාවලියක් වූ ආසියානු කුසලාන දිනාගත් නමුත්, එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය. පසුගිය වසරේදී ඕස්ටේෆ්‍රලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවූ බව කියන තවත් සිදුවීම් මාලාවක් පිළිබඳව සොයා බැලීමට ද ක්‍රීඩා අමාත්‍යවරයා කමිටුවක් පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමටත්, සම්පූර්ණ විගණනයක් කිරීමත් ඇතුළුව එම කමිටුව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේය. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවෙන් විවිධාකාර මූල්‍ය හා අක්‍රමිකතා ඉස්මතු වී ඇති අතර ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ජාතික ක්‍රීඩා ආයතනවල ස්වාධීනත්වය සහ ස්වාධීනත්වය අඩාල කරමින් යම් යම් කාල සීමාවන් සහ වයස් සීමාවන් පනවා නව රෙගුලාසි කිහිපයක් ද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පසුගිය වසරේ හඳුන්වා දෙන ලදි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගෝලීය බලශක්ති නායකයින් රැස් කර​න Adipec 2023 ප්‍රදර්ශනය අ​ද අබුඩාබියේදී ආරම්භ​වේ
Next Article ඩුබායි නිල ලාංඡනය පිළිබඳ නව නීතියක් : අනිසි භාවිතා කිරීමකට එරෙහි​ව ඩිරාම් 500,000 දක්වා දඩ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.