Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»UAE සයිබර් ආරක්ෂක කවුන්සිලය WhatsApp පරිශීලකයන්​ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
Communication

UAE සයිබර් ආරක්ෂක කවුන්සිලය WhatsApp පරිශීලකයන්​ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 4, 2023Updated:October 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

WhatsApp භාවිතා කරන්නන් ඉලක්ක කර අනවසරයෙන් ගිණුම් වෙත ඇතුළුවීමේ උත්සාහයන් කිහිපයක් වාර්තා වීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂක කවුන්සිලය නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

“WhatsApp යෙදුම, කෙටි පණිවිඩ (SMS) සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා සැක සහිත පණිවිඩ පැතිරවීමට එරෙහිව සයිබර් ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවයි. මෙම පණිවිඩ කණ්ඩායම් (Group) වලට සම්බන්ධ වීමට හෝ නොදන්නා සබැඳි ක්ලික් කිරීම​ට ඉල්ලා සිටිමින් පරිශීලකයින් පොළඹවයි.

පරිශීලකයින්ට ප්‍රවේශම් වන ලෙසත්, නුපුරුදු සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, ඕනෑම නුපුරුදු සබැඳි පිළිබඳ​ව කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර යවන්නන් සමඟ පණිවිඩවල සත්‍යතාව තහවුරු කරන්න,” අධිකාරිය X හරහා පැවසීය.

WhatsApp ක්ෂණික පණිවුඩකරණ යෙදුම හරහා හැකර් වරුන් භාවිතා කරන වංචනි​ක ශිල්පීය ක්‍රම ද අධිකාරිය ලැයිස්තුගත කර ඇත. මේවාට ඇතුළත් වන්නේ:

1. හැකර් වරුන් ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවෙන් දන්නා ගිණුමකට ප්‍රවේශය ලබා ගැනී​ම.

2. WhatsApp කණ්ඩායමකට සම්බන්ධ වීමට ආරාධනාවක් යැවී​ම හෝ නොදන්නා සබැඳියක් ක්ලික් කිරීමට පෙළඹවී​ම.

3. පණිවිඩය තුළ හානික​ර සබැඳියක් හෝ කණ්ඩායම්වලට සම්බන්ධ වීමට ආරාධනාවක් ඇතුළත් කිරීම.

හානික​ර සබැඳි සඳහා උදාහරණ පහත දැක්​වේ:

https://WhatsApp.com/481946

https://WhatsAppgroul.c1.biz/

මීට අමතරව, සයිබර් ආරක්ෂක කවුන්සිලය වංචාවන්ට ගොදුරු නොවී සිටීමට උපදෙස් කිහිපයක් හෙළි කළේය. මේවාට ඇතුළත් වන්නේ:

  • නොදන්නා සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න.
  • සබැඳි ක්ලික් කිරීමට පෙර සෘජු සන්නිවේදනය මගින් යවන්නාගේ අනන්‍යතාවය තහවුරු කරන්න.
  • ඔබගේ සියලුම යෙදුම් සහ මෙහෙයුම් පද්ධති නිතිපතා යාවත්කාලීන කරන්න.
  • ප්‍රතිවෛයිරස මෘදුකාංග සහ යෙදුම් භාවිතා කරන්න.
  • WhatsApp හෝ වෙනත් වෙබ් අඩවි වල නොදන්නා කණ්ඩායම් වලට සම්බන්ධ වීමෙන් වළකින්න.
Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE අධිකාරිය, ඔක්තෝබර් 11 වැනිදා ‘ගෝලීය අන්තර් ජාල බාධාවක්’ පිළිබඳ කටකතා ප්‍රතික්ෂේප කරයි
Next Article ඩුබායිහි RTA නව ක්ෂණික වෘත්තීය මගී ප්‍රවාහන රියදුරු බලපත්‍ර සේවාවක් හඳුන්වා දෙයි
Stanly Kularathna

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.