Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඉන්දියාව අපරාජිත බව රැකගනියි
Events

ඉන්දියාව අපරාජිත බව රැකගනියි

Stanly KularathnaBy Stanly KularathnaOctober 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාව සහ පාකිස්තානය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ, ඕවර 30.3 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

මෙම ජයත් සමග තවදුරටත් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූ ඉන්දියාව, එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය හමුවේ අපරාජිත වාර්තාව රැකගැනීමටද සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 8 කදී පාකිස්තානයට එරෙහිව තරග වැදී ඇති ඉන්දියාව එම තරග 8 න්ම ජය ලබා ඇත.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 86ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ‍ පහර 3 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළේය.

රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19 කට කඩුළු 2 ක් දවාගත් අතර හර්දීක් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ මොහොමඩ් සිරාජ් කඩුළු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරී​ම සඳහා බුම්රාට අනගි සහායක් දුන්හ.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බාබර් අසාම් පන්දු 58 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන් පන්දු 69 කින් ලකුණු 49 ක් රැස්කළේද හතරේ පහර 7 ක් සමගිනි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් බාබර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව අවසන් කඩුළු 6 ම ලකුණු 29 ක් තුළ බිඳවැටීමෙන් පාකිස්තාන ඉනිම කඩා වැටිණ. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී රිස්වාන් දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

පාකිස්තානය – ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191

අබ්දුල්ලා ශෆීක් 20, ඉමාම් උල්හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රීට් බුම්රා 19/2, හර්දීක් පාණ්ඩ්‍යා 34/2, කුල්දීප් යාදව් 35/2, රවින්ද්‍ර ජදේජා 38/2, මොහොමඩ් සිරාජ් 50/2)

ඉන්දියාව – ඕවර 30.3 කදී කඩුළු 3 ක් දැවී 192

(රෝහිත් ශර්මා 88, ශුව්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශ්‍රෙයාස් අයියර් නොදැවී 53, ලොකේෂ් රාහුල් නොදැවී 19, ශහීන් අෆ්රිඩි 38/2)

Middle East Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සෞඛ්‍ය අධිකාරිය 2023 පළමු භාගයේදී රක්ෂණ හිමිකම් මිලියන 20ක් හසුරවයි
Next Article ඉන්දු ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ආරම්භ​වේ
Stanly Kularathna

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.