Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Real Estate»2023 තුන්වන කාර්තුවෙහි ඩුබායි නිවා​ස කුලිය 27.2% කින් ඉහළ යයි
Real Estate

2023 තුන්වන කාර්තුවෙහි ඩුබායි නිවා​ස කුලිය 27.2% කින් ඉහළ යයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි නිවා​ස කුලී පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2023 තුන්වන කාර්තුවේදී 27.2% කින් සහ පෙර කාර්තුවේ සිට 2.1% කින් ඉහළ ගොස් ති​බේ.

විලා කුලියට දීම වාර්ෂිකව 38.7% කින් ඉහළ ගිය නමුත් පෙර කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු තරම් වෙනසක් සිදු ​නොවූ බව ValuStrat හි තුන්වන කාර්තු වාර්තාව පවසයි.

නිදන කාමර තුනේ විලා සඳහා සාමාන්‍ය වාර්ෂික කුලිය ඩිරාම් 312,000, නිදන කාමර හතර ඩිරාම් 383,000, සහ නිදන කාමර පහේ විලා ඩිරාම් 492,000කි. මහල් නිවාසවල කුලිය වසරින් වසර​ට 19.1%කින් සහ කාර්තුවේ සිට කාර්තුව​ට 3.6%කින් වර්ධනය විය. ස්ටුඩියෝ මහල් නිවාස සඳහා වාර්ෂිකව ඉල්ලා සිටින සාමාන්‍ය කුලිය ඩිරාම් 51,000 කි. එක් නිදන කාමරයක් සඳහා ඩිරාම් 75,000, නිදන කාමර දෙකක් ඩිරාම් 111,000, සහ නිදන කාමර තුනේ මහල් නිවාස ඩිරාම් 170,000 විය. තුන්වන කාර්තුවේදී ඩුබායි හි නේවාසික පදිංචිය 88.9%ක් ලෙස ගණන් බලා ඇත.

CBRE සමූහ වාර්තාවකට අනුව, ඩුබායි හි සාමාන්‍ය නිවාස මිල ගණන් 2023 සැප්තැම්බර් දක්වා වසර තුළ 19.6% කින් ඉහළ ගොස් ඇති අතර, මෙම කාලය තුළ සාමාන්‍ය මහල් නිවාස සහ විලා මිල ගණන් පිළිවෙලින් 19.7% කින් සහ 18.9%කින් වැඩි විය. “ඉල්ලුම සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පැවතුනද, අපි කුලී වෙළඳපොලේ තවදුරටත් මධ්‍යස්ථභාවයක් දකිමු. වසර පුරා කුලී වර්ධන වේගය මෘදු වී ඇති අතර, 2023 සැප්තැම්බර් දක්වා ඩුබායි හි සාමාන්‍ය නේවාසික කුලී 20.6% කින් ඉහළ ගොස් ඇති අත​ර මසකට පෙර වාර්තා වූ 21.7% වර්ධනය පහත වැටී ඇත.

සැපයුම සම්බන්ධයෙන් ගත් කල, මේ දක්වා වසර තුළ නිවා​ස ඒකක 27,095ක් බෙදාහැර ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙම සැපයුමෙන් 46.4%ක් Meydan One, Downtown Dubai සහ Business Bay ප්‍රදේශයන්හි පිහිටා ඇත. තවත් ඒකක 34,651ක් වසරේ ඉතිරි කාලය තුළ භාරදීමට අපේක්ෂා කරන බව CBRE වාර්තාව පවසයි.

කෙසේ වෙතත්, දේපල උපදේශකයින් වන Allsopp & Allsopp විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඩුබායි හි ප්‍රධාන නේවාසික ප්‍රජාවන් 2023 තුන්වන කාර්තුවේදී සාමාන්‍යයෙන් 21% ක කුලී අඩුවීමක් දැක ඇත.

මෙම වසරේ ගිම්හානයේදී කුලී වෙලඳපොල තු​ල කුලී ගණුදෙණු වල වැඩිවීමක් පෙන්නුම් කරන අතර, Allsopp & Allsopp කුලී ගනුදෙනු වල 20% ක වැඩිවීමක් මෙන්ම ජූලි සිට සැප්තැම්බර් දක්වා නව කුලී සේවාදායක ලියාපදිංචිය 29% කින් ඉහල ගොස් ඇති බව වාර්තාව හෙලි කරයි.

ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, ඩුබායි හි දේපල වෙලඳපොල 2023 තුන්වන කාර්තුවේදී සුවිශේෂී වර්ධනයක් අත්කර ගත්තේය. 2022 වසරේ එම කාලය තුළ ගනුදෙනු 25,503 ට සාපේක්ෂව 2023 තුන්වන කාර්තුවේදී ගනුදෙනු 31,216 ක් වාර්තා කිරීමත් සමඟ ගනුදෙනුවල 22% ක වැඩිවීමක් සිදුවී ඇත. මෙම ගනුදෙනුවල ඉහළ යාම මෙම ගනුදෙනුවල මුළු වටිනාකමෙන් පිළිබිඹු වන අතර එය ඩිරාම් බිලියන 97.55 දක්වා ළඟා විය. එය 2022 තුන්වන කාර්තුවේදී ඩිරාම් බිලියන 69.5 සිට කැපී පෙනෙන 40% ක වැඩිවීමකි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි කඨින චීවර පූජාමහෝත්සවය නොවැම්බර් මස 05 වන ඉරිදා
Next Article UAEහි ශ්‍රම වෙ​ළඳපොල සම්මානය සඳහා ඩිරාම් මිලියන 9ක් වටිනා ත්‍යාග ප්‍රකාශයට පත් කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.