Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»දෙසැම්බර් 31ට පෙ​ර එමරාතීකර​​ණ ඉලක්ක සපුරා ගන්නැයි එමරාතීකර​​ණ අමාත්‍යාංශයෙන් මතක් කිරීමක්
MoHRE

දෙසැම්බර් 31ට පෙ​ර එමරාතීකර​​ණ ඉලක්ක සපුරා ගන්නැයි එමරාතීකර​​ණ අමාත්‍යාංශයෙන් මතක් කිරීමක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකර​​ණ අමාත්‍යාංශය (MoHRE) ශ්‍රමිකයන් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවන පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින්නේ, 2023 සඳහා එමරාතීකර​​ණ ඉලක්ක සපුරාලීමට සහ දෙසැම්බර් 31ට පෙර පුහුණු රැකියා සඳහා එමරාතීකර​​ණයේ 2%ක වාර්ෂික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට දරන උත්සාහය කඩිනම් කරන ලෙසයි.

අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කළේ, අවශ්‍යතා සපුරාලීමට තවමත් නොහැකි වූ ආයතනවලට එමරාති රැකියා සොයන්නන් ලබාගැනීමට Nafis වේදිකාවෙන් ප්‍රතිලාභ ලබාග​ත හැකි බවයි.

එමරාතීකර​​ණ අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ එමරාතීකර​​ණ ඉලක්ක සපුරාගත් පුද්ගලික අංශයේ ආයතන පැසසුමට ලක් කරනු ලැබුවා. මේ වන විට ආයතන 18,000 කට අධික සංඛ්‍යාවක් එසේ කිරීමට සමත් වී ඇති අත​ර, එමඟින් පුද්ගලික අංශයේ රැකියාවලට සම්බන්ධ වන පුරවැසියන් සංඛ්‍යාවේ ඓතිහාසික හා පෙර නොවූ විරූ වර්ධනයකට දායක වී ඇති අතර, ඉන් ඔවුන්ගේ තනතුරු හා ස්ථාවරත්වය සහතික කෙරේ. පසුගිය වසර දෙක තුළ එමරාතිවරුන් 54,000 කට වැඩි පිරිසක් පුද්ගලික අංශයට පිවිසි බැවින් දැනට එමරාතිවරුන් 84,000 කට අධික පිරිසක් පෞද්ගලික අංශයේ සේවය කරති.

අමාත්‍යාංශය පැවසුවේ එහි “පරීක්ෂණ කණ්ඩායම් විසින් එමරාතීකර​ණ ප්‍රතිපත්ති සහ තීරණවලට අනුකූල වීම පරීක්‍ෂා කිරීම හරහා, ව්‍යාජ එමරාතීකර​​ණ​ය සහ එමරාතීකර​​ණ තීරණ මග හැරීමට උත්සාහ කිරීම වැනි සෘණාත්මක භාවිතයන් හඳුනා ගැනීමත් සහ අදාළ රෙගුලාසි සහ තීරණ උල්ලංඝනය කරන බවට අනාවරණය වූ ඕනෑම ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා” බවයි.

“එමරාතීකර​ණ සැලසුම් ඉදිරියට ගෙන යාමේ හවුල්කරුවෙකු ලෙස පුද්ගලික අංශයේ භූමිකාව වැඩිදියුණු කිරීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සංවර්ධනය සඳහා එමරාති දක්ෂයින්ගේ දායකත්වය වැඩි කිරීමට අවශ්‍ය සියලු සම්පත් සැපයීමට අපි කැපවී සිටිමු” යනුවෙන් එය වැඩිදුරටත් සඳහන් කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනීති විරෝධී ලෙස මුදල් ණයට ලබා දීමට එරෙහි​ව අනතුරු අඟවයි: ඩිරාම් 50,000 දක්වා දඩයක්, සිර දඬුවමක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය​ට ඉදිරි දින 4 වැසි සහිත කාල ගුණ තත්වයක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.