Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට මිලියන 6.6කට වඩා දායක ​වේ
MoHRE

විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට මිලියන 6.6කට වඩා දායක ​වේ

Stanly KularathnaBy Stanly KularathnaNovember 16, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට මේ වන විට මිලියන 6.6 කට අධික පිරිසක් දායක වී ඇති බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) අනාවරණය කළේය. “වැඩිවෙන ග්‍රාහකයින් සංඛ්‍යාව, යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය සහ රක්‍ෂිතයාගේ ඉහළ දැනුවත්භාවය පිළිබිඹු කරයි” යනුවෙන් MoHRE පැවසීය.

ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමය, ෆෙඩරල් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් – පුරවැසියන් සහ පදිංචිකරුවන් සඳහා සමාජ ආරක්ෂාවක් සහතික කරන අත​ර රැකියා අහිමි වීමකදී ඔවුන් රැකියාවක් සොයා ගන්නා තුරු රක්ෂිතයා සඳහා මාස තුනක වන්දි මුදල් ලබා දෙයි.

විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් වීමේ කාලසීමාව ඔක්තෝම්බර් මාසයේදී අවසන් වී ඇති අතර, විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයේ රෙගුලාසි සහ යාන්ත්‍රණයන් පිළිබඳව, 2022-97වන  කැබිනට් යෝජනාවට අනුව ග්‍රාහකයින් නොවන අය ඩිරාම් 400​ක දඩයක් ගෙවිය යුතු අතර, නියමිත දායක ගාස්තු ගෙවීමට අනුකූල නොවන ග්‍රාහකයින් ඩිරාම් 200 දඩයක් ද නියම කරයි.

දායක වීම සඳහා වැඩි කාලයක් ලබා දීමත්, ග්‍රාහකයින් නොවන අයට දඩ පැනවීම ජූලි 1 සිට ඔක්තෝබර් 1 දක්වා කල් දැමූ බවත් අමාත්‍යාංශය ජුනි මාසයේදී නිවේදනය කර තිබුණි. “දඩ ගෙවීමට අපොහොසත් වන අයට එරෙහිව, දඩ මුදල් ගෙවන තෙක් නව රැකියා බලපත්‍ර ලබා නොදීම මෙන්ම දඩ මුදල ඔවුන්ගේ වැටුපෙන් හෝ සේවා අවසන් පාරිතෝෂිකවලින් අඩු කිරීම ඇතුළුව පරිපාලන ක්‍රියාමාර්ග ගනු ලැබේ,” නිවේදන​ය පැහැදිලි කළේය.

දඩ මුදල් පරීක්ෂා කරන්නේ කෙසේද?

දායක නොවූ සේවකයින්ට ඔවුන් ලබා ඇති දඩ මුදල් ප්‍රමාණය MoHRE ස්මාර්ට් යෙදුම, එහි වෙබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමටත්, බලයලත් ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානයකට පිවිසීමෙන් ගෙවීම් කිරීමත් කළ හැකිය.

පාරිභෝගිකයන්​ට සහන සැලසීම අරමුණු කර ගනිමින් වාරික වශයෙන් දඩ මුදල් ගෙවීමට අවසර දීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ඩිජිටල් නාලිකා අවස්ථාව ලබා දෙයි. සියලුම උපකාරක ලියකියවිලි සපයා ඇත්නම්, දඩ මුදල්වලින් නිදහස් කිරීම සඳහා වන අභියාචනා අමාත්‍යාංශය පිළිගන්නා අතර, අභියාචනා MoHRE නිල නාලිකා හරහා ඉදිරිපත් කිරීමෙන් වැඩ කරන දින 15ක් ඇතුළත ඒ පිළිබඳ තීරණ ගනු ලැබේ.

“අප ග්‍රාහකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, එකඟ වූ ගෙවීම් කාලසටහනට අනුකූල වන ලෙසත් ඔවුන්ගේ රක්ෂණ ගාස්තු නියමිත වේලාවට ගෙවන ලෙසත්ය” MoHRE පැවසීය.

“නියමිත කාලසීමාවේදී නොගෙවීම​ට එරෙහි​ව ඩිරාම් 200 දඩයක් මෙන්ම රක්ෂණ ඔප්පුව අවලංගු වීමද සිදු​වේ”

2023 ඔක්‌තෝබර් 1 වැනිදායින් පසු තම සේවා බලපත්‍ර නිකුත් කර ඇති පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් මාස 4ක් ඇතුළත විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායක විය යුතු අතර, නියමිත කාලසීමාව තුළ දායක වීමට අපොහොසත් වන පුද්ගලයන්ට ඩිරාම් 400​ක දඩයක් අය කෙරෙන බව අමාත්‍යාංශය පැහැදිලි කළේය.

නිදහස් කිරීම්

ආයෝජකයින්, ගෘහ සේවිකාවන්, තාවකාලික සේවකයින්, වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්, විශ්‍රාම යාමට සුදුසුකම් ඇති පුරවැසියන් සහ විශ්‍රාම වැටුප් ලබමින් නව සේවා යෝජකයෙකු සමඟ සම්බන්ධ වී ඇති විශ්‍රාමිකයින් ඇතුළු ඇතැම් කණ්ඩායම් විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයේ ලියාපදිංචි වීමෙන් නිදහස් කර ඇත.

දායක වන්නේ කෙසේද

රැකියා අහිමිවීම් (ILOE) රක්ෂණ වෙබ් අඩවිය (www.iloe.ae), ILOE ස්මාර්ට්ෆෝන් යෙදුම, නම් කරන ලද භෞතික ස්වයං සේවා කියෝස්ක්, ATM යන්ත්‍ර, ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන, මුදල් හුවමාරු සමාගම්, බැංකු යෙදුම්, ටෙලිකොම් සමාගම්වල බිල්පත් සහ SMS මගින් දායකත්වය ඉදිරියට ගෙන යා හැක.

වර්ග සහ වන්දි

විරැකියා රක්ෂණ යෝජනා ක්‍රමය කාණ්ඩ දෙකකට බෙදා ඇත: පළමුවැන්න ඩිරාම් 16,000 හෝ ඊට අඩු මූලික වැටුපක් ඇති අය ආවරණය කරයි, එහිදී මෙම කාණ්ඩයේ රක්ෂිත සේවකයාගේ රක්ෂණ වාරිකය මසකට ඩිරාම් 5 (වාර්ෂිකව ඩිරාම් 60) ලෙස සකසා ඇති අත​ර උපරිම මාසික වන්දිය ඩිරාම් 10,000 ලෙස නියම කර ඇත.

මේ අතර, දෙවන කාණ්ඩයට ඩිරාම් 16,000 ඉක්මවන මූලික වැටුපක් ඇති අය ඇතුළත් වන අතර, රක්ෂණ වාරිකය මසකට ඩිරාම් 10 (වාර්ෂිකව ඩිරාම් 120) වේ. මෙම කාණ්ඩය සඳහා මාසික වන්දි මුදල ඩිරාම් 20,000 දක්වා සීමා කෙරේ.

රක්ෂිතයා (සේවකයා) අවම වශයෙන් අඛණ්ඩව මාස 12ක් විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට දායක වී ඇති තාක් රක්ෂණ වන්දි ඉල්ලා සිටිය හැක. ඔහු/ඇය රට හැර ගියහොත් හෝ නව රැකියාවකට සම්බන්ධ වුවහොත් රක්ෂණකරුගේ වන්දි ලැබීමේ අයිතිය අහිමි වේ. සාමාන්‍යයෙන් වන්දි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් සති දෙකක් ඇතුළත වන්දි ගෙවීම කරනු ලැබේ.

අදාළ සේවකයා විනය හේතූන් මත සේවයෙන් පහ නොකළේ නම් සහ ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වී නොමැති නම්, විරැකියාවෙන් පෙළෙන දින සිට උපරිම වශයෙන් මාස තුනක් සඳහා වන්දි ගෙවනු ලැබේ.

වන්දි මුදල ගණනය කරනු ලබන්නේ විරැකියාවට පෙර අවසන් මාස හය තුළ සාමාන්‍ය මූලික වැටුපෙන් 60% ක අනුපාතයකින් ය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි දැවැන්ත නව ගුවන් තොටුපළක් සැ​ළසුම් කරයි
Next Article කෝලිගෙන් ලෝක වාර්තා කීපයක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.