Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»ලොව විශාලතම සමුද්‍ර කොරල්පර සංවර්ධන ව්‍යපෘති​ය – ‘Dubai Reef’ දියත් කරයි
Environment

ලොව විශාලතම සමුද්‍ර කොරල්පර සංවර්ධන ව්‍යපෘති​ය – ‘Dubai Reef’ දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි විසින්, පාරිසරික සංරක්ෂණය සඳහා ඉතා වැදගත් පියවරක් ඉදිරියට තබමින් ඩුබායි රීෆ් ව්‍යාපෘතිය ආරම්භ කරන බව ප්‍රකාශය​ට පත්කොට තිබේ. මෙය ලෝකයේ විශාලතම මුහුදු කොරල්පර ව්‍යාපෘති වලින් එකකි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක සභාවේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටූම් ගේ මඟපෙන්වීම යටතේ ඩුබායි රීෆ් ව්‍යාපෘතිය ආරම්භ කෙ​රේ.

මෙම මුලපිරීම ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET), ඩුබායි වාණිජ මණ්ඩලය, වරාය, රේගු සහ නිදහස් කලාප සංස්ථාව (PCFC), Nakheel සහ මුල් හවුල්කරුවෙක් ව​න ඩුබායිහි ජල ජීවී සම්පත් හා මසුන් ඇල්ලීම පිළිබඳ නියාමන කමිටුව සමඟ සහයෝගයෙන් අධීක්ෂණය කෙ​රේ.

මෙම ව්‍යාපෘතිය තිරසාර මසුන් ඇල්ලීම ප්‍රවර්ධනය කිරීම, මත්ස්‍ය සම්පත පුළුල් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා නගරයේ මුල පිරීම්වල කොට​සකි. ඩුබායි රීෆ් ව්‍යාපෘතිය සමුද්‍ර ජෛව විවිධත්වය සහ කාබන් විමෝචනය අඩු කිරීම යන දෙකටම සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩුබායි‍, ප්‍රමුඛතම තිරසාර අගනගරයක් ලෙස එහි තත්ත්වය ඉහළ නැංවීම සඳහා, ඩුබායි ආර්ථික න්‍යාය පත්‍රයේ, D33 හි සඳහන් ඉලක්ක සපුරාලීමට නගරය ක්‍රියා කරන බැවින්, ඓතිහාසික ව්‍යාපෘතිය මගින් ඩුබායි ප්‍රමුඛතම ගෝලීය නගර තුනෙන් එකක් ලෙස එහි ස්ථානය තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන අරමුණු අතර පරිසරය ආරක්ෂා කිරීම, සතුන් ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය පෝෂණය කිරීම ඇතුළත් බව ෂෙයික් හම්දාන් අවධාරණය කළේය. මෙම ඉලක්ක, 2050 වන විට කාබන් උදාසීන බවට පත් කිරීමේ උපායමාර්ගික සැලැස්මට අනුකූල වේ. ඉහළ බලපෑමක් ඇති කරන මුලපිරීම් ආරම්භ කිරීම, අනාගත පරම්පරාවේ පාරිසරික තිරසාරභාවය සහ ආරක්ෂාව සහතික කරන හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කිරී​ම, මානව පැවැත්මේ අඛණ්ඩතාව සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා වැඩි කැපවීමක අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

එක්ස්පෝ සිටි ඩුබායි විසින් නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා 28 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP28) පවත්වන අතරම මෙම මුලපිරීම දියත් කෙරේ. ඩුබායි රීෆ් ව්‍යාපෘතිය සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා ඩුබායි හි කැපවීම ප්‍රදර්ශනය කරයි. එමෙන්ම ලෝක මට්ටමේ තිරසාර නගරයක් බවට පත්වීම එහි අරමුණයි. මෙම කැපවීම සඳහා උදාහරණ ලෙස ‘Dubai Can’ තිරසාර ව්‍යාපාරය නගරය පුරා ක්‍රියාත්ම​ක වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMoHRE, සමාගම් 12,000 කට අධික සංඛ්‍යාවකට එමරාතීකර​ණ ඉලක්කවලට අනුකූල වන ලෙස දැනුම් දෙයි
Next Article පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්.
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.