Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ජේෂ්ඨ රංගවේදී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.
sri Lankan special

ජේෂ්ඨ රංගවේදී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.

kumudikaBy kumudikaDecember 4, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 
කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ දුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ දෙදරු පියෙකි.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය සිය අනන්‍ය වූ රංගනයෙන් අතික්‍රමණය කළ කෘතහස්ත කලාවේදියෙකු ලෙස මෙතුමා හැඳින්විය හැකිය.  අභාවප්‍රාප්ත ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාව හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ  වූ ඔහු “මූදු පුත්තු” නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය හරහා ප්‍රසිද්ධියට පත් විය. “සිංහබාහු”, “මනමේ”, “මහාසාර” සහ “බව කඩතුරාව” වැනි සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය රාශියක නොමැකෙන චරිතාංග වලට ඔහු පණ පෙව්වේය.

විජය ධර්ම ශ්‍රීගේ “දුහුලු මලක්” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඔහු ඉනික්බිතිව “දඬු මොනර”, “සප්ත කන්‍යා”, “සිටු කුමාරියෝ”, “යකඩ පිහාටු”, “ගිනි කිරිල්ලි, “සමනල තටු”  වැනි චිත්‍රපටයන්ට රංගනයෙන් දායක විය.
“අසල්වැසියෝ” , “සිහින නිම්නය”, “හිරුට මුවාවෙන්”, “චරිත තුනක්” , “නිසල විල”, රම්‍ය සුරම්‍ය” වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකම ඔහු සිය රංග ප්‍රභාව පෙන්නුම් කලේය.
රාජ්‍ය සම්මාන,රයිගම් ටෙලි සම්මාන,  සුමති සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින්  පිදුම් ලැබුවේය.

දේහය ගම්පහ , ශ්‍රී බෝධි පාර අංක 29/3 දරණ  නිවසට රැගෙන ඒමට නියමිත බවත් අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවත් පවුලේ ඥාතියෙකු පැවසීය. 

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE, 2023 වසරේදී බිලියනපතියන් 17 දෙනෙකුගේ නිවහන බවට පත්වෙයි
Next Article එමීර් රාජ්‍යය පුරා මීදුම් සහිත කාලගුණයක් ඇති වන බවට නිවේදන.
kumudika

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.