Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»කුවේට් පාලක ෂෙයික් නවාෆ්ගේ අභාවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දින තුනක ශෝක කාලයක්
Uncategorized

කුවේට් පාලක ෂෙයික් නවාෆ්ගේ අභාවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දින තුනක ශෝක කාලයක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කුවේටයේ පාලක ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් සබා සෙනසුරාදා මියගිය අතර ඉන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය දින තුනක ශෝක කාලයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 “දින තුනක ශෝක කාලයක් සහ රට තුළ ඇති සියලුම නිල දෙපාර්තමේන්තු සහ රටේ තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ධජ​ය අඩකුඹු කිරීම” රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය මගින් පළ කරන ලද ප්‍රකාශයක් මගින් තහවුරු කොට තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම මුස්ලිම් පල්ලිවල ඉරිදා දහවල් යාඥාවෙන් පසු ෂෙයික් නවාෆ් වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවන් සිදු කරන බව ජනාධිපති අධිකරණය නිවේදනය කළේය.

කුවේට් රාජකීය අධිකරණය සෙනසුරාදා, පෙර නායකයාගේ මරණය පිළිබඳ පුවත තහවුරු කළේය.

රාජ්‍ය රූපවාහිනිය සිය නිත්‍ය වැඩසටහන් නවතා මරණය ප්‍රකාශ කිරීමට පෙර ශුද්ධවූ කුරාණ​යේ වාක්‍ය විකාශනයකට මාරු විය.

නොවැම්බර් අගදී, “හදිසි සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන්” ෂෙයික් නවාෆ් රෝහල් ගත කරන ලද නමුත් පසුව ඔහු ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා විය.

1937 දී උපත ලැබූ ෂෙයික් නවාෆ් අවුරුදු 86 දී අභාවප්‍රාප්ත විය. ෂෙයික් නවාෆ් 1921 සිට 1950 දක්වා කුවේටය පාලනය කළ ෂෙයික් අහමඩ් අල් ජබර් අල් සබාගේ පස්වන පුත්‍රයා විය.

කුවේට් පාලකයා​ගේ අභාවයෙන් පසු ඕමානය​ද, රාජ්‍ය​ හා පෞද්ගලික අංශය සඳහා දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ති​බෙනවා.

ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබා

ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් සබාගේ අභාවයෙන් අනතුරු​ව හදිසි කැබිනට් රැස්වීමකින් පසු, ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජාබර් අල් සබා කුවේට් රාජ්‍යයේ නව පාලකවරයා ලෙස නම් කොට ඇ​ත.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ වලාකුළු වැපිරීමේ තාක්ෂණයෙන් පාකිස්තාන​යට කෘතීම වැසි
Next Article ශ්‍රී ලංකාවේ තැඹිලි අප​නයනය නව සන්නාමයකින්
Stanly Kularathna

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.