Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»එමරාතීකර​ණ අමාත්‍යාංශය ජනවාරි 1 වන දින සි​ට ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරයි
MoHRE

එමරාතීකර​ණ අමාත්‍යාංශය ජනවාරි 1 වන දින සි​ට ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) 2024 ජනවාරි 1 වනදායින් පසු පුද්ගලික අංශයේ සමාගම් සහ සේවකයින්, ගෘහ සේවකයින් සහ ගෘහ සේවකයින් බඳවා ගැනීමේ නියෝජිතායතන සම්බන්ධයෙන් ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරනු ඇත.

නව ක්‍රියාවලිය සියළු පාර්ශවයන්​ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම, ක්‍රියා පටිපාටි විධිමත් කිරීම සහ හිමිකම් පාන්නන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අරමුණු කරයි.

නව සංශෝධන මගින් ආරවුල විසඳීමට අමාත්‍යාංශයේ තීරණය පිළිබඳව දැනුම් දීමෙන් පසුව ඕනෑම පාර්ශ්වයකට වැඩ කරන දින 15ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට ඉඩ සලසයි. එවිට අධිකරණය වැඩ කරන දින තුනක් ඇතුළත නඩු විභාගයක් නියම කරණු ලබයි.

ඩිරාම් 50,000 ඉක්මවන ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට කටයුතු කරමින් අමාත්‍යාංශය සිය සුපුරුදු ක්‍රියාපටිපාටිය ඉදිරියට ගෙන යන අතර, යොමු කළ දින සිට උපරිම වැඩ කරන දින 15ක් ඇතුළත සාමකාමී විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා අදාළ අධිකරණය වෙත යොමු කරනු ඇත.

මෙම සංශෝධන​ය මගින් අධිකරණය වෙත යොමු කෙරෙන කම්කරු පැමිණිලි කඩිනම් කිරීම, කම්කරුවන්, සේවා යෝජකයන් සහ ගෘහ සේවකයන් බඳවා ගැනීමේ ආයතන අතර නීතිමය බැඳීම්වලට අනුකූල වීම වැඩි දියුණු කිරීම සහ අක්‍රමවත් සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා කටයුතු කෙරේ.

සාධාරණ සහ පාරදෘශ්‍ය පරිසරයක් හරහා රැකියා කොන්ත්‍රාත්තුවක් සඳහා සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම, කම්කරු ආරවුල් ඇතිවීම අවම කිරීම සහ ඒවා විසඳීම කඩිනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙ​සද ​​ මෙම සංශෝධන​ය කටයුතු කරනු ලබයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL වෙන්දේසියේදී ඕස්ට්‍රේලියානු මිචෙල් ස්ටාක්ට ඉන්දීය රුපියල් කෝටි 24.75 ක වාර්තාගත මිලක්
Next Article දුරස්ථ වැඩ සඳහා එමීර් රාජ්‍යය, කලාපී​ය වශයෙන් ප්‍රථම ස්ථානයටත් ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත්
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.