Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»සාමයේ පණිවිඩය රැගෙන ආ අසිරිමත් නත්තල අදයි.
World news

සාමයේ පණිවිඩය රැගෙන ආ අසිරිමත් නත්තල අදයි.

kumudikaBy kumudikaDecember 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අද(25)යි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරයි.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. 
‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි. අදින් වසර 2023 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමින් ය.
ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ , සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ සුවිශාල මෙහෙයකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව මරියතුමිය වන අතර පියා ජුසේතුමාය. ජුසේතුමාගේ උපන් ගම වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත වූ රාත්‍රීය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගව ලෙනක නවාතැන් ගත් අතර ඒ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගව ලෙන තුළ සිදුවිය. දාවිත් රජුගේ පරපුරෙන් පැවත එන ජුසේ නැමැති පුද්ගලයෙක් සහ මරියතුමිය විවාහව සිටි නමුත් ජේසුස්තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත් එතුමාගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බව කිතු දහමේ සඳහන් වේ.

තමන්ට විමුක්ති මග දෙසු මේ ශාන්තුවරයාගේ උපත ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙනි. පෘතුගීසි වචනයක් වන ‘නතාල්’ යන වචනයෙන් නිර්මාණය වූ ‘නත්තල’ යන වචනයෙන් ‘උපත’ යන අරුතයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත අසාමාන්‍ය සුවිශේෂී උපතක් ලෙස ලෝක වාසී කිතුනු බැතිමත්හූ සළකති.
“නත්තල ” කිතුනු බැතිමතුන්ගේ උත්සවයක් ලෙස අඛණ්ඩව සැමරීමත් සමඟ ගවලෙන, නත්තල් ගස, නත්තල් ආසිරිපත්, වල්ගා තරුව සහ නත්තල් ගීතිකා ආදි සැමරුම් අංග රැසක් එකතු විය.

ශ්‍රී ලාංකික කිතුනු භක්තිකයෝ ද නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරමින් ඊයේ (24) මාධ්‍යම රාත්‍රීයේ නත්තල් දේවමෙහෙයවලට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නත්තල් දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේදී පැවැත්විණි.

මැක්ස්වල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් නත්තල් මැදියම් රැයේ දේවමෙහෙය පිටිපන දූව දේවමෑණියන්ගේ දේවස්ථානයේදී ද, ජේ. ඩි. ඇන්තනි ජයකොඩි රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් රාගම කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේදී සහ ඇන්ටන් රංජිත් රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මෝදර ගර්භවාස දේවස්ථානයේදී නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්විණි. මෙම දේව මෙහෙයන්ට සමගාමීව කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, රාගම බැසිලිකා සහ මීගමුව ශාන්ත මරියා යන ප්‍රධාන දේවස්ථාන ඇතුළුව රට පුරා සියලුම දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්විණි.

Abu Dhabi Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ප්‍රධාන දේව මෙහෙය හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේදී.
Next Article ෂෙයික් හම්දාන් එමිරේට්ස් රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනාවක් අනුමත කරයි.
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.