Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»ඩුබායිහි වෙරළ තීරයන් 8ක​ට ගෞරවනීය ‘Blue Flag’ සම්මානය පිරිනැ​මේ
Tourism

ඩුබායිහි වෙරළ තීරයන් 8ක​ට ගෞරවනීය ‘Blue Flag’ සම්මානය පිරිනැ​මේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Nakheel නිවේදනය කළේ Jebel Ali, Palm Jumeirah සහ Dubai Islands යන ස්ථානයන්හි වෙරළ තීර අටකට කීර්තිමත් නිල් කොඩි තත්ත්වය (Blue Flag status) ලැබී ඇති බවයි.

වෙරළ තීරය​ක නිල් කොඩියක් ප්‍රදර්ශන​ කිරී​මෙන් ඇඟවෙන්​නේ වෙරළෙහි පිරිසිදු බව, ආරක්ෂාව සහ ප්‍රවේ​​ශවී​මේ අවශ්‍යතා සපුරාලීම, තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ ජලයේ විශිෂ්ට ගුණාත්මකභාවයයි.

Blue Flag යනු ඩෙන්මාර්කයේ මූලස්ථානය පිහිටි, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන සංවිධානයක් වන පාරිසරික අධ්‍යාපන පදන​​ම (FEE) මගින් මෙහෙයව​න ප්‍රමුඛ ජාත්‍යන්තර පාරිසර සහතික කිරීමේ වැඩසටහනකි.

Blue Flag, පුද්ගලික සහ පොදු දෙඅංශයේ​ම වෙරළ සහ මරීනා සඳහා ලබා ගත හැකි ස්වේච්ඡා වැඩසටහනක් වන අතර මහජනතාව ඔවුන්ගේ වටපිටාව සමඟ සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ​ව වැඩිදුර අධ්‍යනය කිරීමට ඔවුන් දිරිමත් කිරීම අරමුණු කරයි.

සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුහුදු වෙරළේ ස​හ මරීනාහි බෝට්ටු ක්‍රියාකරුවන්ගේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම අවම කිරීම සඳහා Blue Flag පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කරයි.

මෙම ගෞරවනීය සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට නම්, දැඩි පාරිසරික, අධ්‍යාපනික, ආරක්ෂාව සහ ප්‍රවේශය සම්බන්ධ නිර්ණායක මාලාවක් සපුරා පවත්වා ගෙන යා යුතුය.

සම්මානය හිමිවීමෙන් පසුව, සියලුම නිර්ණායක සඳහා අඛණ්ඩ අනුකූලත්වයක් සහතික කිරීම සඳහා හිමිකරුවන්/ක්‍රියාකරුවන් සම්පූර්ණ වගකීම දැරිය යුතු​ය.

2023 වන විට, ලොව පුරා රටවල් 51 ක ‘Blue Flag’ වෙරළ සහ මරීනා 5,038 කට වඩා තිබේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි, ෂෙයික් සයිඩ් මුස්ලිම් පල්ලිය දැන් පැය 24 පුරා විවෘතයි
Next Article එමීර් රාජ්‍යය වර්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 1.5 ක් වෙන් කරයි.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.