Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025

Hajj සහ Eid Al Adha සඳහා එමිරේට්ස් සේවයෙන් අතිරේක ගුවන් ගමන් 46ක්

May 22, 2025

FIFA 2025 ලෝක කුසලානය සඳහා විශේෂ මාරු කිරීමේ කවුළුවක්  එළිදක්වයි

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයාගනී
Uncategorized

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයාගනී

Stanly KularathnaBy Stanly KularathnaJanuary 1, 2024Updated:January 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම දෘෂ්ටි මායාව සහිත ස්ථානය නාඋල ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්නව පල්ලේගම ප්‍රදේශ​යේ පිහිටා තිබේ. මාර්ගයේ ගමන්කරන කෙනෙකුට මෙ​ම ස්ථානය බැලූ බැල්මට පෙනෙන්නේ කඳුගැටිත්තක් ලෙසිනි. නමුත් එය කඳුගැටිත්තක් නොවන බවත් එය මදවූ බෑවුමක් නැතහොත් පල්ලමක් සහිත ස්ථානයක් වන බවත් එහි පරීක්ෂණ සිදු කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසී​ය.

අහම්බෙන් මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමුවූ හිටපු යුද හමුදා කර්නල් වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම් දීමත් සමග ජනවාරි පළමුවැනිදා උදෑසන මහාචාර්යවරයා එම ස්ථාන​ය පරික්ෂාවට ලක් කරමින් මෙවැනි ස්ථානයක් ලංකාවේ හමු වූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කඳුගැටිත්තක් වශයෙනි. එමෙන්ම එම මාර්ගයේ කන්ද අවසානයේ පල්ලම බසිනා මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සලකුණක්ද සවිකොට තිබේ. මහාචාර්ය ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ අතුල සේනාරත්න මහතා ජලය පිරවූ ප්ලාස්ටික් බෝතලයක් කන්ද පටන් ගන්න ආසන්නයේ තැබීම සිදු කරද්දී එය එකවරම කන්ද ඉහළට පෙරළීගෙන යන දසුන දැක ගැනීමට හැකිවිය.

පසුව මහාචාර්යවරයා ගූගල් සිතියම හරහා එම ස්ථානය පිළිබඳව සොයා බැලීම සිදු කරන ලදී . එහිදී ඔහු සඳහන් කළේ මෙය දෘෂ්ටි මායාවක් බවය. එම ස්ථානය වටපිටාව දර්ශනය වන ආකාරයෙන් දෘෂ්ටි මායාවක් බවද පෙන්වා දුන්නේය. එනම් ඈතින් දිස්වෙන කඳු පෙළ අවට කැලෑ බද ස්ථානය ඇස දෘෂ්ටිය මායාවක් සේ වෙනස් වන බවත් බැලූ බැල්මට එය කන්දක් ලෙස දිස්වෙන බවය. එහෙත් විද්‍යාත්මකව ගුගල් සිතියම අනුව එය කන්දක් නොව ඉතා සියුම් පල්ලමක් සහිත ස්ථානයක් බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළදී මෙවැනි දෘෂ්ටි මායා ස්ථානයක් මෙතෙක් සොයා ගැන නොමැති බවත් තමන්

දැනුවත්ව මෙවැනි දෘෂ්ටි මායා සහිත ස්ථාන ඉතාලියේ හා ඕමාන් රටේත් යුරෝප​යේ රටවල් කීපයක ස්ථාන හඳුනාගෙන ඇති බව පැවසිය.

මෙම දෘෂ්ටි මායා ස්ථාන​යේ වාහනයක් පණ ගැන්වීමකින් තොරව නිදහස් ගියරට (neutral gear) දැමූ විට වාහනය කන්ද උඩට පැයට කිලෝමීටර් දහයක පමණ වේගයකින් ගමන් කරන ආකාරය නිරීක්‍ෂණය කර ගැනීමට මහාචාර්යවරයාට හැකිවිය. ඒ අනුව වාහන කිහිපයක් ස්ථානයේ පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී ද අනාවරණය වූයේ ඇසට කන්දක් ලෙස පෙනෙන බැවින් එය කන්දට නගින වාහනයක් ලෙස දර්ශනය වන බවය.

යුද හමුදාවේ හිටපු කර්නල් වරයකු වන රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේ අහම්බෙන් තමන් ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ සිටින අවස්ථාවක මෙය දැකගැනීමට හැකි වූ බවය. ඒ අනුව එහි සත්‍යතාවය කුමක්දැයි රටට පෙන්වා දීමට උචිතමු පුද්ගලයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතාට තමන් වීඩියෝ පට රැසක් යැවූ බවය. මොරගහකන්ද ජලාශය ආසන්නයේ පිහිටා තිබීමත් දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් අනාවරණය කර ගැනීම නිසා මෙහි සංචාරක ආකර්ෂණයක් ලොවට කියාපෑමටද හැකිවනු ඇති නිසාවෙන් තමන් මෙය දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජපානයට සුනාමියක්.
Next Article වයස අවුරුදු 18ට වැඩි සියල්ලෝම බදු සඳහා ලියාපදිංචිය අනිවාර්යය වේ.
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025

රාජ්‍ය ආයතන වලට ඉන්ධන සඳහා ගෙවීම් සඳහා ඩිජිටල් කාඩ්පත් හඳුන්වා දෙයි

May 22, 2025

මහ බැංකු පොලී අනුපාතය අඩු කෙරේ

May 22, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.