Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් ඉදිරි වසර වලදී සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක්
Sri Lankan news

කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් ඉදිරි වසර වලදී සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක්

kumudikaBy kumudikaJanuary 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණ සඟරාව එළිදැක්වීම සිදු වූ අතර මෙය එහි දෙවැනි වෙළුම වේ.

ඉදිරි වසරවලදී කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව මෙහිදී පැහැදිලි කළ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද පෙන්වා දෙන ලදි.

මෙරට වෛද්‍ය පීඨ 11 ක් වන බවත්, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමග සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුලත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම  නවක පරපුර තාක්ෂණික යුගයට සැළසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද අවධානය යොමු විය යුතු බව ද‌ මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවාවේ උන්නතියට මෙම ප්‍රකාශණයේ තොරතුරු ඉතා වැදගත් වනවා මෙන්ම ක්ෂේත්‍රයේ විද්වත් මණ්ඩලයක සහ ප්‍රවීණයින්ගේ නිර්දේශ මත වෛද්‍ය ආචාරධර්ම හා විද්‍යාත්මක න්‍යායවලට අනුකූලව මෙම සෞඛ්‍ය පර්යේෂණ සඟරාව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

මෙම සඟරාවෙහි 2022 වසර තුල වෛද්‍ය, හෙද, සහ පරිපූරක වෛද්‍ය ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදු කරනු ලැබු පර්යේෂණ  තොරතුරු පත්‍රිකා ඇතුලත් වේ.

අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරකට එක්වරක් එළිදක්වනු ලබන මෙම ප්‍රකාශණය ඉදිරියේ දී වසරකට දෙවරක්  එළිදැක්වීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ  වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි‌ලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති තරඟයෙන් අපේක්ෂක රොන් ඩිසැන්ටින් ඉවත් වෙයි
Next Article Sheikh Hamdan කුමරු  එමිරාති සිසුන් සඳහා Dh බිලියන 1.1 ශිෂ්‍යත්ව අරමුදල අනුමත කරයි.
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.