Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»කෝවිඩ් වලටත් වඩා දරුණු වසංගතයක් ගැන ඉඟි
World news

කෝවිඩ් වලටත් වඩා දරුණු වසංගතයක් ගැන ඉඟි

kumudikaBy kumudikaJanuary 24, 2024Updated:January 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වෛරසයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් බවත්, එම වසංගතය බොහෝ විට කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. එමෙන්ම එය වෛරසයක්, බැක්ටීරියා විශේෂයක් හෝ දිලීර විශේෂයක් ද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ. ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන එම වසංගතය කොවිඩ් 19, එබෝලා, ලස්සා උණ, නීපා, සීකා වැනි දහස් සංඛ්‍යාත මරණ සංඛ්‍යාවකට හේතු වූ වසංගත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleILT – 20T 2024 වසරේ ක්‍රිකට් තරඟ උණුසුම
Next Article රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.