Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සෞඛ්‍ය සේවා, පොදු  ප්‍රවාහන,තැපැල්  අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර ගැසට් නිවේදනයක්
Sri Lankan news

සෞඛ්‍ය සේවා, පොදු  ප්‍රවාහන,තැපැල්  අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර ගැසට් නිවේදනයක්

kumudikaBy kumudikaFebruary 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදු කරන සේවාවන්, මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම, තැපැල් සේවය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (13) නිකුත් කෙරිණි.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදන නිකුත් කළේය. රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හෝ සමුපකාර සමිතියකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයන් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත. රජයේ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවක් යැයි ප්‍රකාශයට පත් කරන බව රජයේ රෝහල්වලින් රෝගීන් සඳහා සිදුකරන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිරි මැතිවරණ පිලිබද ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
Next Article ගරු අහමඩ් බින් මොහොමඩ් මහතා  තිරසාර සංවර්ධනය සඳහා ඩුබායි හොඳම ප්‍රායෝගික සම්මානයේ ජයග්‍රාහී ව්‍යාපෘතිවලට ගෞරව කරයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.