Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වේගයෙන්ම එක්දින ලකුණු 2000 පසු කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට.
Sri Lankan news

වේගයෙන්ම එක්දින ලකුණු 2000 පසු කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට.

kumudikaBy kumudikaFebruary 15, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර, අවසන් එක්දින ගැටුමෙන් කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කලේය. වසර 2019දී බටහිර ඉන්දීය කොදෙව් සමඟ ශ්‍රී ලංකාවේ පැවති තරග 3කින් සමන්විත තරගාවලිය 3-0කින් ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව එවැනි පූර්ණ තරගාවලි ජයක් ඊයේ වසර 5කට පසු වාර්තා කිරීම විශේෂත්වයකි.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිල සියලු දෙනා දැවී ලකුණු 266ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 267ක් රැස් කළේය.

5 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක පන්දු 100කදී හයේ පහර 2ක් හා හතරේ පහර 16ක් සමඟ ලකුණු 118ක් ලබා වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ වේගවත්ම එක්දින ලකුණු 2000 පසු කළ පැතුම් නිශ්ශංක ඉනිම 52කදී එම දක්ෂතාව ක්‍රිකට් වාර්තා පොතේ සටහන් කළේය. මෙයට පෙර ඉනිම 63කදී වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ලකුණු 2000 පසුකොට තිබිණි.

මෙයට අමතරව තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලොව සිව්වැනි පිතිකරු බවට ලෝක වාර්තා පොතට පැතුම් නිශ්ශංක ඊයේ (14) දිනයේ එක් විණි. පැතුම් ඇෆ්ගනිස්තානයට එරෙහි තරග තුනේදී ලකුණු 346ක් (210+18+118) ලැබූ අතර, මෙයට පෙර ඉන්දියාවේ ශුබ්මන් ගිල් 2022දී නවසීලන්තයට එරෙහිව ලකුණු 360ක්, පාකිස්තානයේ බාබර් අසාම් 2016දී කොදෙව් පිලට එරෙහිව ලකුණු 360ක්, බංග්ලාදේශයේ ඉම්රුල් කයිස් 2018දී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 349ක් ලබා පැතුම්ට ඉදිරියෙන් සිටින අතර, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් 2013දී ඉන්දියාවට එරෙහිව ලකුණු 342ක් ලබා පැතුම්ගේ පසුපසට තල්ලු වී ගියේය.

තරගය ආරම්භයේදී ඇෆ්ගනිස්තාන පිල ආක්‍රමණශීලි තරග රටාවක් අනුගමනය කොට එක් අවස්ථාවකදී කඩුලු 5කට ලකුණු 223ක් ලෙස සිටියද, අන්තිම පිතිකරුවන් පස් දෙනා ලකුණු 43ක් තුළ දවා ගැනීමට සමත්වීමෙන් තරගයේ පාලනය ශ්‍රී ලංකා පිල සතු විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ජයග්‍රහණයේ සම්පූර්ණ වගකීම තම කර මතට ගෙන පළමු කඩුල්ලට ලකුණු 173ක සබඳතාවක් ගොඩනැඟූහ. 7 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 66කදී හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 91ක් ලබා ශතකය පෙනි පෙනී දැවී ගියේය. ඔහු පන්දු 24කදී තම 50 වැනි ලකුණ වාර්තා කිරීමට සමත් විය. නායක කුසල් මෙන්ඩිස් පන්දු 29කදී හයේ පහර 4ක් සමඟ ලකුණු 40ක් ලබා දෙවැනි කඩුල්ලට දැවී ගියේය. තරගයේ ජය වාර්තා වෙද්දී සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 8ක් හා චරිත් අසලංක නොදැවී ලකුණු 7ක් ලබා සිටියහ.

ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු ඕවරයේදී ඩිල්ෂාන් මධුෂංකට හතරේ පහර 4ක් සමඟ ලකුණු 17ක් ලබා රහ්මනුල්ලා ගුරුබාස් තරගය ආරම්භයේදීම ‘ලොකු සද්දයක්’ දැමූවද ක්‍රමයෙන් ලකුණු ලබා ගැනීමේ වේගය අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මුල් ඕවර 4 නිමා වෙද්දී ඕවරයකට ලකුණු 9ක වේගයක් තිබූ ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස 5 වැනි ඕවරයේදී ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 13කට දුවද්දී දවා ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර, පන්දු 26 කදී ලකුණු 39ක් පළමු කඩුල්ලට එක් විය.

රහ්මනුල්ලා ගුර්බාස්ගේ 7 වැනි එක්දින අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී, වසර 2කට පසු එක්දින පිටියට පිවිසි අකිල ධනංජය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයෑම ශ්‍රී ලංකාවට තිබූ හිසරදයක් නිමාවීමකි. ගුර්බාස් හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 48ක් ලබා ගත් අතර, පන්දු 77කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 65ක් ලබා තම 28 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ රහ්මට් ෂා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගියේය. දුනිත් වෙල්ලාලගේ කඩුල්ල කෙළින් එවූ පන්දුවකට රහ්මට් ෂා ‘ස්විප්’ පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ නොවැදුණු පන්දුව පා ආවරණයේ වැදුණු අතර, විනිසුරුගේ දැවීයෑමේ තීරණයට එකඟ නොවූ රහ්මට් ෂා රූපවාහිනී පුනරූපණ පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී විනිසුරුගේ තීරණය සනාථ වීමෙන් ෂා ක්‍රීඩාගාරයට යවන ලදී.

අසමතුල්ලා ඔමර්සායි තම 5 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ පසු අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය. ඔමර්සායි පන්දු 59කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 54ක් ලැබීය. අනතුරුව ඉක්මනින් ඇෆ්ගනිස්තාන කඩුලු බිඳ වැටිණි.

පස්වරු 5 වෙද්දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වලාකුළුවලින් වසා ගත් හෙයින් විදුලි ආලෝකධාරා ක්‍රියාත්මක කිරීමට සිදු විය.ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුව තිබූ අතර, වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ විවේක ගන්වා දුනිත් වෙල්ලාලගේ හා අකිල ධනංජය කණ්ඩායමට එක්කොට තිබිණි. ඇෆ්ගනිස්තාන පිලේ සරිෆුඩීන් අෂ්රාෆ් හා ෆරීඩ් අහමඩ් යන දෙදෙනාට අවස්ථාවදී ගුල්බදීන් නයිබ් හා නූර් අහමඩ් කණ්ඩායමෙන් ඉවත්කොට තිබිණි.

ඇෆ්ගනිස්තානය

රහ්මනුල්ලා ගුර්බාස් ප.අකිල 48

ඉබ්‍රාහිම් සද්‍රාන් දුවද්දි දැවීගියා 13

රහ්මට් ෂා ක.මු.ක. ප.වෙල්ලාලගේ 65

හෂ්මතුල්ලා ෂාහිඩි ඇ.නිශ්ශංක ප.අකිල 5

අසමතුල්ලා ඔමර්සායි ප.අසිත 54

ඉක්රාම් අලිකිහිල් ප.වෙල්ලාලගේ 32

මොහොමඩ් නබී ඇ.සදීර ප.මධුෂාන් 14

සරිෆුඩීන් අෂ්රාෆ් ඇ.අසලංක ප.මධුෂාන් 4

ක්වයිස් අහමඩ් ඇ.සදීර ප.මධුෂාන් 11

ෆරීඩ් අහමඩ් ප.අසිත 5

ෆසල්ලාහක් ෆාරුකී නොදැවී 0

අතිරේක 15

එකතුව සියල්ලන් දැවී (ඕවර 48.2) 266

කඩුලු බිඳ වැටීම: 1-39, 2-96, 3-108, 4-166, 5-223, 6-237, 7-250, 8-255, 9-260, 10-266

පන්දු යැවීම: මධුෂංක 6-0-52-0, මධුෂාන් 8.2-0-45-3, අසිත 9-0-44-2, වෙල්ලාලගේ 10-0-38-2, ලියනගේ 2-0-11-0, අකිල 10-0-54-2, අසලංක 3-0-17-0.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ.නබී ප.ක්වයිස් 118

අවිශ්ක ප්‍රනාන්දු ඇ.අෂ්රාෆ් ප.ක්වයිස් 91

කුසල් මෙන්ඩිස් ප.නබී 40

සදීර සමරවික්‍රම නොදැවී 8

චරිත් අසලංක නොදැවී 7

අතිරේක 3

එකතුව කඩුලු 3ක් දැවී (ඕවර 35.2) 267

කඩුලු බිඳ වැටීම: 1-173, 2-251, 3-253

පන්දු යැවීම: ෆාරුකී 5-0-54-0, ඔමර්සායි 4-0-29-0, අෂ්රාෆ් 6-0-47-0, ෆරීඩ් 4-0-45-0, නබී 9.2-0-46-1, ක්වයිස් 7-0-46-2.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනාසා චන්ද්‍ර යානයක් අද සඳට යයි
Next Article ලංකාවට AI උගන්වන්න Microsoft එයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.