Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවාවක්
Sri Lankan news

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවාවක්

kumudikaBy kumudikaFebruary 16, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට ඊයේ  (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය,

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මගීන්ට අවශ්‍යතාව පහසුකම් සැපයීම අපගේ අරමුණයි.

එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වනවා. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය අප සමඟ සදහන් කළා.

ඒ වගේම පලාලි ගුවන් තොටුපළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම (Indigo Airlines) සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් එක් ආයෝජකයෙකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන සතියේ දී සම්මුතියකට එළඹීමට හැකිවනු ඇතියි. ඒ සමඟ එම ගුවන්තොටුපළ ද ලාභදායී තත්ත්වයට පත්කළ හැකි වනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ පවතින තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිරිකිරීමට ද අභිලාෂ කැඳවීම් සිදුකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 06ක් වනවා. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිත අතර මාස 09ක් තුළ පවතින තදබදයට විසඳුම් ලබාදිය හැකි වනවා.

ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා ඊයේ දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළා.

ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩිවන දාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීම සඳහා වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැගෙනහිර පර්යන්තය ඇමරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ අනුව ECT පර්යන්තය හරහා විශාල කන්ටේනර් ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි අතර ඉන් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්ලීව්ලන්ඩ් ක්ලිනික් අබුඩාබි ලොව ඉහළම රෝහල් අතරට නම් කෙරෙයි
Next Article Theab bin Mohamed 2024 ලෝක රාජ්‍ය සමුලුව අවසානයේ Global Government Excellence සම්මානයේ ජයග්‍රාහකයන්ට ගෞරව කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.