Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ගුවන් හමුදාවට ගුවන් යානා දෙකක්
Sri Lankan news

ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ගුවන් හමුදාවට ගුවන් යානා දෙකක්

kumudikaBy kumudikaFebruary 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්තිමත්  කරමින් එක්සත් ජන­පද සහ ඕස්ට්‍රේ­ලි­යානු ගුවන් හමු­දා­වන් විසින් නවී­න­තම ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට පරි­ත්‍යාග කිරී­මට නිය­මිත බව ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අමෙ­රිකානු ගුවන් හමු­දාව ශ්‍රී ලංකා­වට පරි­ත්‍යාග කරන Beechcraft King Air 360ER ගුවන් යානය එළඹෙන ජූනි මාස­යේදී මෙර­ටට ගෙන­ එන බවත් ඔස්ට්‍රේ­ලි­යානු ගුවන් හමු­දාව පරි­ත්‍යාග කරන Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානය ඒ අනුව එළ­ඹෙන මැයි මාසයේදී මෙර­ටට ගෙන­ එන බව  සඳ­හන් වේ. මෙම ගුවන් යානා අලුත්ම තත්ත්වයේ ගුවන් යානා බව ද ඔහු සඳහන් කලේය.

ගුවන් යානා ලබා­දීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරීම සඳහා තමා පසු­ගිය දා සිංග­ප්පූ­රුවේ සංචා­ර­යක නිරත වූ බව සඳ­හන් කළ ගුවන් හමු­දා­ප­ති­ව­රයා එහි දී සාකච්ඡා වට තුන­කට සහ­භාගි වූ බව ද C130 වර්ගයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට ලබා­දෙන ලෙස එම සාකච්ඡා අත­ර­තුර අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් ඉල්ලී­මක් කළ බව ද සඳ­හන් කරයි. මේ අතර මෑතක දී ශ්‍රී ලංකා­වට පැමිණි අමෙ­රි­කානු රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සහ        ජනා­ධිපති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතර පැවැති සාකච්ඡා අත­ර­තුර ගුවන් යාන­යක් ශ්‍රී ලංකා­වට ලබා­දෙන බවට ප්‍රකා­ශ­යක් කළ බව ද ඒ මහතා සිහි­පත් කළේය.

කෙසේ වුවද මෙම ගුවන් යානා ශ්‍රී ලංකා­වට ලබා­දීම සම්බ­න්ධ­යෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බෙහෙ­වින්ම සාර්ථක මට්ට­මක පව­තින බව පෙන්වා­දුන් ඒ මහතා මෙම ගුවන් යානා ලැබෙන්නේ නම් එක් යාන­යක් හෝ එක්සත් ජාතීන්ගේ සාම­     සා­ධක රාජ­කාරි සඳහා යෙද­විය හැකි­වන බව ද අමෙ­රි­කා­වෙන් ඉල්ලා තිබෙන C130 වර්ගයේ ගුවන් යානා දෙක ඉතාම සාධා­රණ මිල­කට ලබා­ගැ­නීම වෙනු­වෙන් සාකච්ඡා කර­ගෙන යන බව ද පෙන්වා දුන්නේය. මේ අතර ඉන්දි­යාව ද මෑත කාලයේ ගුවන් යාන­යක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට ලබා­දුන් බව සිහි­පත් කළ උදේනි රාජ­පක්ෂ මහතා එය අගය කළ­යුතු බව ද පැවැ­සීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කෙරේ.
Next Article අල් ෆාහිඩි කොටුවේ පුනරුත්ථාපන ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කරයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.