Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා
Sri Lankan news

ශ්‍රී ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

kumudikaBy kumudikaFebruary 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘතව ඇත. එම ශ්‍රමිකයින් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වේ.

අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී මේ බව අනාවරණය විය.  තම ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විෂයය බාර එරට අධිකරණ අමාත්‍යවරයාට මනුෂ නානායක්කාර මහතා සිය ස්තුතිය පුද කළේය.

N 4 මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට SSW කාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත වේ. එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වේ. ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවයි. ඒවා ජනතාව අතරට ගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින්ට SSW 2 මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයින් සඳහන් කලහ.
මෙම සාකච්ඡාව සදහා ජපානයේ  ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ එක්ව සිටියහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකඩොලාන රැකීමේ ගෝලීය ප්‍රථමයා බවට ශ්‍රී ලංකාව පත් වේ
Next Article ඩුබායි පොලිස් ප්‍රවාහන ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ Fly Dubai අතර අවබෝධතා ගිවිසුමක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.