Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දේශීය ටින් මාළු කර්මාන්තය බිඳ වැටීමේ තර්ජනයක
Sri Lankan news

දේශීය ටින් මාළු කර්මාන්තය බිඳ වැටීමේ තර්ජනයක

kumudikaBy kumudikaMarch 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආනයනික ටින් මාළු සඳහා අධික බදු සහන දීම නිසා දේශීය ටින් මාළු කර්මාන්තය ඇද වැටී ඇතැයි ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය ඉකුත්දා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළි කළේය. දේශීය ටින් මාළු නිෂ්පාදකයන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 76ක් ඉතිරි කර දුන් බවත්, එහෙත් ඉදිරියට එය මෙරටට අහිමි වන බවත් ඔවුහු අවධාරණය කළහ.

තවද ටින් මාළු ආනයනය සඳහා අති විශාල විදේශ විනිමයක් පිටරටට ඇදී යමින් ඇතැයි ද හෙතෙම පැවසීය. එමෙන්ම, ටින් මාළු නිෂ්පාදන කටයුතුවල නිරත දේශීය නිෂ්පාදන ආයතන 16ම මේ වන විට වසා දමා ඇතැයි ද එහිදී සඳහන් කෙරිණ. මේ නිසා, මෙරට ඒ ආශ්‍රිත ඍජු හා වක්‍ර රැකියාවල නිරත මිලියන 1.5ක පමණ ජනතාවගේ එදිනෙදා ආදායම් අහිමි වී ඇතැයි එහි සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අතර, ධීවරයන් පමණක් නොව, හිස් කෑන් නිෂ්පාදකයන්, ලේබල් ආදී මුද්‍රණ, ලුණු සැපයීම්, පෙට්ටි සැපයුම්කරුවන් ආදී මෙරට ටින් මාළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ විවිධ අදියරවල නිරත සියල්ලන්ම සිටින බවත් හෙතෙම අවධාරණය කළේය. ඉකුත් කෙටි කාලය තුළදී ආනයනකරුවන් විශාල වශයෙන් ටින් මාළු පිටරටින් ගෙන්වා තිබෙන හෙයින් ඉදිරියේදී මේ ගැටලුව තවත් තීව්‍ර වනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ආනයනික ටින් මාළු නවතා දමන්නැයි තමන් නොකියන බවත් එහෙත්, ආනයනික ටින් මාළු කිලෝවකට රුපියල් 500ක අවම සෙස් බද්දක් පැන වුවහොත් පමණක් කර්මාන්තයේ නිරත ප්‍රජාවත් රැක ගනිමින් ටින් මාළු අපනයනය හරහා මෙරටට වැඩිදුරටත් විදේශ විනිමය ගෙන ඒමට හැකියාව ලැබෙන බවත් ඒ අනුව, ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. මේ අවස්ථාවට එම සංගමයේ ලේකම්, ආචාර්ය කපිල බාලසූරිය ඇතුළු එහි සාමාජිකයන් කිහිප දෙනකු එක්ව සිටියහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleස්වයංක්‍රීය ඩ්‍රෝන යානා ඩුබායි හි dnata හි භාණ්ඩ ප්‍රවාහන සේවා නව තත්ත්වයකට ගෙන එයි
Next Article රාමදාන් සමය වෙනුවෙන් එමීර් රාජ්‍යයේ රට ඉඳි මිල 40% කින් පහලට
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.