Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වයස අවුරුදු 50 ට වැඩි නම් ඇස් පරික්ෂා කර ගන්න
Sri Lankan news

වයස අවුරුදු 50 ට වැඩි නම් ඇස් පරික්ෂා කර ගන්න

kumudikaBy kumudikaMarch 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවද, තම ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඔවුන්ද අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බව  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලදදේ ඊයේ (05) දින පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී තේමාව වශයෙන් “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන්න ගෙන ඇත.

මේ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මෙන්ම දිවයින පුරා අක්ෂි සායන වල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරමේ වැඩසටහන්, දිවයින පුරා රෝහල් වල ග්ලෝකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහි පලමු අදියර ලෙස ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, “ග්ලුකෝමාව කලින් හදුනා ගතහොත් අන්ධභාවයට පත් වීම වලක්වා ගත හැකි බවත්, ගෝලිය හා මෙරට වශයෙන් ගත්විට  අන්ධභාවයට පත්වීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වා දිය හැකි බවයි.

ග්ලෝකෝමා ලෝක දත්ත විශ්ලේෂණය කර බලන විට ගෝලීය තත්වය 3.54% ක් වන බවත් ලංකාවේ එම තත්වය 5% කට ආසන්න තත්වයක තිබෙන බව දත්ත මගින් පෙන්වා දී තිබෙන බවද, පැවසු සෞඛ්‍ය ලේකම්වරයා මෙරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, මෙයට එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකි බවද කීය.
මේ හේතුවෙන් අක්ෂි පරීක්ෂාව ඉතාම වැදගත් වන බවත්, මාධ්‍ය මගින් මෙම පණිවිඩය ජනතාව වෙත ගෙන යාම ඉතාම වැදගත් වන බවද මෙරට අක්ෂි ආබාධ කල් ඇතිව හදුනා ගෙන වලක්වා ගත හැකි ආබාධ, වලක්වා ගැනීම සදහා වැඩසටහන් සම්පාදනය කර තිබෙන බව පෙන්වා දුන් ලේකම්වරයා VISION 2020 වැඩසටහන මගින් ද, විශාල කාර්යභාර්යක් සිදු කල බවද VISION 2030 වැඩසටහන හරහා ද, මෙරට ජනතාවගේ අක්ෂි ආබාධ වලක්වාලීම සදහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆීක්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න,  ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස්,  ග්ලෝකෝමා අනුකමිටු‌වේ සාමාජික විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ, VISION 2030 වැඩසටහන නියෝජනය කරමින්  විශේෂඥ වෛද්‍ය ලලිතා සේනාරත්න, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ යන මහත්ම මහත්මීන් සමඟ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ජනමාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී වුහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFacebook බිඳ වැටේ
Next Article පාසල් අවට දේශපාලන රැස්වීම් තහනම් කරන්න – ජනපති ආණ්ඩුකාරවරුන්ට කියයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.