මිසයිල ප්‍රහාරයට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ආරක්ෂකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙලෙස බේරාගෙන තිබෙන අතර, මේ යාත්‍රාව යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50ක් ඔබ්බෙන් ගල්ෆ් මුහුදේදී ගමන් කරමින් තිබියදී මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇත. තහවුරු කරන ලද වාර්තාවලට අනුව, කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු (පිලිපීන සහ වියට්නාම ජාතිකයන්) මියගොස් ඇති අතර, තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකික ආරක්ෂකයන් දෙදෙනකුගෙන් එක් අයෙක් වෙයි. අනතුරට පත් ශ්‍රී ලාංකිකයා ඇතුළු තුවාල කරුවන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් අනතුරට පත් නෞකාවෙන් ජිබුටි වෙත රැගෙන ගොස් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ජිබුටිහි ප්‍රතීතනය ලත් ඉතියෝපියාවේ අඩිස් අබාබාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහ අනෙකුත් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයාට ආරක්ෂිතව රැඳී සිටීමට පහසුකම් සැලසීම සඳහා ජිබුටිහි අදාළ බලධාරීන් සමඟ සම්බන්ධව සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අඩිස් අබාබාහි තානාපති කාර්යාලය මේ වන විට තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද කියා සිටී.