Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී
Sri Lankan news

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

kumudikaBy kumudikaMarch 15, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි.

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වැනි දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වැනි දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වැනි දින සීල භාවනා පින්කම (වෙසක් පොහෝ දින වැඩසටහන), මැයි 24 වැනි දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වැනි දින සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වැනි දින ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වැනි දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී පහන් කූඩු, වෙසක් තොරණ, පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන් දීමේ වැඩසටහන් ආදි විශේෂ වැඩසටහන්, සර්වආගමික අංග ඇතුළත් පෙරහර ආදි වැඩසටහන් රැසක් ද පැවැත්වේ.

මේ අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති තුම්මුල්ලේ සීලක්කන්ද, ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ, කොස්ගොල්ලේ සීලරතන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, මාතලේ දිසාපති තේජානි තිලකරත්න, ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංවිම තවත් අලුත් ගිවිසුමකට
Next Article ලංකාවේ ජීවත් වූ එකම පිරිමි සීබ්‍රාවා මිය යයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.