Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බැන් කී මූන්ගෙන් ලංකාවට ඇගයුම්
Sri Lankan news

බැන් කී මූන්ගෙන් ලංකාවට ඇගයුම්

kumudikaBy kumudikaApril 9, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute ) සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සමීප හවුල්කාරිත්වය බෑන් කී මූන් මහතා අගය කර ඇත.

ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute (GGGI) හි සභාපති, බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පසුගියදා(04) දකුණු කොරියාවේ සෝල් (Seoul) හිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහයෝගීතාවය අගය කළ බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත වර්ධන ආයතනය ( GGGI ) අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සහ විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට සහතික විණි.

“පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය සහ අපේ නගර හරිතකරණය කිරීම සඳහා මැදිහත්වීම් තුළින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකා රජය සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා සමඟ පැවසීය.

දූපත් රටක් වශයෙන් අප දේශගුණික බලපෑම්වලට ගොදුරු වීමට අතිශයින් ඉඩ ඇති අතර එම බලපෑම්වලින් අපගේ ජනතාව සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් රජයේ මෙම හරිතකරණයේ වර්ධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ගෝලීය හරිත වර්ධන ආයතනය සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ගැන සතුටු වන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය හරිත වර්ධන ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පැවසුවේ ශ්‍රී ලංකා රජය සමඟ එහි පරිසර අමාත්‍යාංශය ඇතුළු ව ගෝලීය හරිත වර්ධන ආයතනයේ සමීප හවුල්කාරිත්වය සහ හරිත හා තිරසාර අනාගතයක් සඳහා වන පොදු ප්‍රයත්නය තමන් අවංකව ම අගය කරන බව යි. දේශගුණික න්‍යාය පත්‍රය සඳහා අපගේ සහයෝගීතා ප්‍රයත්නයන් ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැ යි උද්‍යෝගිමත් උපදේශකයකු ලෙස සතුටට පත් වන බව ඔහු තවදුරටත් පැවසී ය.

දැනට ගෝලීය හරිත වර්ධන ආයතනය ජාතික අනුවර්තන සැලැස්ම යාවත්කාලීන කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අංශවල අන්තර්ගත ආයෝජන සැලසුම් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ පළාත් අනුවර්තන සැලසුම් සැකසීම මඟින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වෙයි.

ගෝලීය හරිත වර්ධන ආයතනය නව්‍ය දේශගුණික මූල්‍යකරණයට ප්‍රවේශ වීම, අඩු කාබන් සංවර්ධනය සඳහා තිරසාර පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගැනීම, තේ කර්මාන්තයේ තිරසාරභාවය ශක්තිමත් කිරීම සහ උපයෝගිතා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වේ.

ශ්‍රී ලංකාවේ හරිත වර්ධන සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා අනාගත සහයෝගිතාව හොඳ ඉදිරි මාවතක් වනු ඇති බව ගෝලීය හරිත වර්ධන ආයතනය වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා රජය සිය හරිත ව්‍යාපෘති යටිතල පහසුකම් අංශ වෙත ව්‍යාප්ත කරනු ඇති අතර හරිත බැඳුම්කර නිකුත් කිරීමේ හැකියාව ද සලකා බලයි.

ශ්‍රී ලංකාව 2019 දී ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකයකු ලෙස එක් විය. ශ්‍රී ලංකාව 2022 ඔක්තෝබර් මාසයේ දී සමුළුවෙහි උප සභාපති සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ කවුන්සිලයේ උප සභාපති ලෙස තේරී පත් විය. ගෝලීය හරිත වර්ධන ආයතනය පරිසර අමාත්‍යාංශය විසින් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ සහ ප්‍රතිපත්ති සැලසුම් අංශයෙහි සත්කාරකත්වය දරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනූප පැස්කුවෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅධිවේගී මාර්ග ඉදි කිරීමට ගත් විදේශ ණය ගෙවන්න වසර 160 ක්
Next Article මියන්මාරයේ ලංකා තානාපතිගෙන් පණිවිඩයක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.