Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිටපු අමාත්‍ය තෙවරප්පෙරුම මහතා දිවි සැරියෙන් සමු ගනී
Sri Lankan news

හිටපු අමාත්‍ය තෙවරප්පෙරුම මහතා දිවි සැරියෙන් සමු ගනී

kumudikaBy kumudikaApril 17, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලිසර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇත. හිටපු අමාත්‍යවරයා ඉඩම් හිමි වැවිලිකරුවකු වන අතර ඔහු මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ වත්තේ වගා කටයුතු සිදු කිරීම් කරන අතරතුර විදුලි සැර වැදී ඇති බව සඳහන් වේ.

එම අවස්ථාවේ අකුණු සහිත වර්ෂාවක් ද ප්‍රදේශයේ තිබී ඇති බවත් විදුලි පේනුවක විදුලි කාන්දුවක් ද තිබී ඇති බව එම පොලිස් නිලධාරියා කීය. විදුලි සැර වැදී පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගිය බව පෙනී ගිය ද එම විදුලි සැර, විදුලි කාන්දුවෙන් සිදු වූවක් ද නැති නම් වෙනත් හේතුවකින් සිදු වූවක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගත හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

විදුලි සැර වැදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෘත දේහය කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

1960 මැයි 03 වැනිදා උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ආදි සිසුවෙකි. මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ඒ මහතා කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

දෙදරු පියකු වන පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමල් දරුවා කලකට පෙර මියගිය අතර පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ මළ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දෙණ තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල් ද ගෙවා ඇති බව ඔහු විසින් ප්‍රකාශයක් ලබාදී තිබිණි. තම දෙණ එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනය කිරීමට ඔහු විසින් ජනප්‍රිය ගීතයක්ද සංස්කරණය කර තබා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ කුණාටු සහිත කාලගුණය හේතුවෙන් පාසල් ඔන්ලයින් ක්‍රමයට
Next Article IMF විස්තීර්ණ ණය සමාලෝචන සාකච්ඡාවක් වොෂින්ටනයේදී
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.