Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආචාර්ය A.T. ආරියරත්න මහතා දිවංගත වෙයි
Sri Lankan news

ආචාර්ය A.T. ආරියරත්න මහතා දිවංගත වෙයි

kumudikaBy kumudikaApril 17, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන ආරියරත්න මහතා කලක් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙසද කටයුතු කළේය.
ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන්ද , ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන්ද ලැබීය.

ඔහු වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගියේය.

ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනා ඇත.

ඔහු ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ජනාධිපතිවරයා අතින් 2007 වර්ෂයේ දී ද , ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය) 1969 වර්ෂයේදී ද සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානය (බෙල්ජියම) 1982 වර්ෂයේදීද නිවානෝ සාම ත්‍යාගය (ජපානය) 1992 වර්ෂයේදීද සහ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) 1996 වර්ෂයේදීද මෙසේ දිනාගෙන ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF විස්තීර්ණ ණය සමාලෝචන සාකච්ඡාවක් වොෂින්ටනයේදී
Next Article ලොව රසම අන්නාසි ලංකාවේ වවන්න සැලසුම්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.