Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»නව අඟහරු ව්‍යාපෘතියකට නාසා ආයතනය ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනී
sri Lankan special

නව අඟහරු ව්‍යාපෘතියකට නාසා ආයතනය ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනී

kumudikaBy kumudikaApril 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකික කාන්තාවක් තෝරාගෙන ඇත.

මේ අනුව නාසා ආයතනය මගින් සිදුකරන අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකරද ඇතුළත් කර ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

NASA වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි මේ සඳහා, ජේසන් ලී (Jason Lee),ස්ටෙෆනි නවාරෝ (Stephenie Navarro), ශාරීෆ් අල් රොමායිති (Shareef Al Romaithi) මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පියුමි විජේසේකර (Piyumi Wijesekara) සුදුසුකම් ලබා ඇත.

හුදකලාව සමඟ ගැටෙමින් පෘථිවියෙන් දුරස්ථ ව කටයුතු කිරීමට මිනිසා හැඩගැසෙන්නේ කෙසේ ද යන්න HERA වැඩසටහන මඟින් අධ්‍යයනය කෙරෙන අතර සඳ, අඟහරු සහ වෙනත් අකාශ වස්තූන් වෙතට දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගත මෙහෙයුම් සඳහා මෙමඟින් ලබා ගැනෙන අත්දැකීම් ඉවහල් වන බව නාසා ආයතනය සඳහන් කරයි.

NASA ආයතනයට අයත් හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම් භාර ගන්නා බව නාසා ආයතය නිවේදනය කර තිබු අතර Human Exploration Research Analog (HERA) ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර සඳහා මෙහෙයුම් හතරක් සැලසුම්කර ඇති අතර ඒ අතරින් පළමු වැන්න පසුගිය මාර්තු 18 වැනි දා අවසන් විණි.

දෙවැනි මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා සුදුසු ම පුද්ගලයන් සිව් දෙනා තොරා ගැනීමට NASA ආයතනය කටයුතු කර ඇත. පසුගිය සඳුදා (15) ඔවුන් කවුරුන් ද යන්න නිල වශයෙන් නිවේදනය කෙරුණි.

HERA ව්‍යාපෘතියට අයත් දෙවැනි කණ්ඩායමේ සාමාජිකාවක වීමට වරම් ලබා ඇති පියුමි විජේසේකර NASA ආයතනයට අයත් සිලිකන් නිම්නයේ පිහිටා ඇති Ames Research Center හි විකිරණ ජෛව භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි.

ඇය සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.

ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම හා බැඳී පවතී.
පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAir arabia කාලසටහන්ගත ගුවන් ගමන් නැවත අරඹයි
Next Article ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.