Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මිල අධිකම Silver tips මෙරටට හඳුන්වා දෙයි
Sri Lankan news

මිල අධිකම Silver tips මෙරටට හඳුන්වා දෙයි

kumudikaBy kumudikaApril 22, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ පසුගියදා (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ කටුවන දී ආරම්භ විය.

ඒ අනුව වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල  එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන්ට මේ සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ලබාදීම සිදු කරන ලදි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාා විසින් මෙම තේ පැළ හා උපකරණ බෙදා දීම සිදු කෙරිණි. තවද එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් නොමිලයේ සපයයි. මෙම Silver tips තේ කිලෝවක් රුපියල් 50,000ක් වන අතර තේ වගාව ආරම්භ කර වසරකට පසු මෙම ගෘහණියන්ට තම මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට හැකිවේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ මෙරට තේ කර්මාන්තයේ අනාගතය ආරක්ෂාව වීමට නම් අපි නව අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා යොමු විය යුතු බවයි.
“ශ්‍රී ලංකා තේවලට ඇති කීර්ති නාමය ආරක්ෂා වන පරිදි තේ නිෂ්පාදනය කිරීම සෑම තේ කර්මාන්තකරුවෙකුගේම වගකීම විය යුතුයි.

අපේ තේ අපනයනය කිරීමේ දී හැකි තරම් ප්‍රතික්ෂේපිත තේ අඩංගු කිරීම වළක්වා ගත යුතුයි.මේ නිසා අපි මෙම වසරේ ජනවාරි මස 01 දින සිට B-60 ප්‍රතිපත්තිය අනිවාර්ය කර තිබෙනවා. තේවල අඩංගුවල තේ දළුවලින් හොඳම ප්‍රමාණය සියයට 60 සිට 80 දක්වා ගෙන ඒම අපේ ඉළක්කයයි. ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙනවා. මෙම කීර්ති නාමය අපි අඛණ්ඩව ආරක්ෂා කර ගත යුතුයි.

අද දින බෙදා හරින මෙම 20/43 තේ ප්‍රභේදය සිල්වර් ටිප්ස් තේ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩ සටහනක්. සිල්වර් ටිප්ස් තේ යනු ලෝකයේ ඉහළම මිලක් ඇති තේ විශේෂයක්. දකුණු පළාතේ කටුවන, වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල කාන්තාවන් 300ත් බැගින් තෝරාගෙන ඔවුන්ට මෙම වගාව සඳහා අවශ්‍ය තේ පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය ජල පොම්ප ඇතුළු සියලු පහසුකම් අපි ලබා දෙනවා.

මෙමගින් වසරකට පසු මෙම ගෘහණියන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බැගින් ඉහළ නැංවීම අපේ ඉළක්කයයි. ඒ වගේම සිල්වර් ටිප්ස් තේ කර්මාන්තය Home Made නැත්නම් ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීම අද ආරම්භ කළා. මේ සඳහා කටයුතු කළ කුඩා තේවතු සංවර්ධන අධිකාරියට මගේ ස්තුතිය පිරිනමනවා “යැයි ද අමාත්‍යවරයා පැවසීය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී.ජී. මහීපාල මහතා ද මේ අවස්ථාවට සහභාගි වූයේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅප්‍රේල් 23 දා ඩුබායි රජයේ සේවකයින්ට වැටුප් ලබා දෙන්න –  ශෙයික් හම්දාන් කුමරුගෙන් නියෝගයක්
Next Article සාජා පොලිසියෙන් අයහපත් කාලගුණික තත්ත්වයන් මත සියලු මාර්ග නීති කඩකිරීම් ඉවතට
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.