Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආසියානු කනිෂ්ඨ මලළ ක්‍රීඩා තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Sri Lankan news

ආසියානු කනිෂ්ඨ මලළ ක්‍රීඩා තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

kumudikaBy kumudikaApril 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වූහ .

මෙම තරගාවලිය ඉකුත් 04/24 දින සිට 04/27 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පවත්වා තිබුණි .

මෙම තරගාවලිය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගී වී සිටි අතර එයින් 13 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඉතිරි සිව් දෙනාත් ඔවුන් තරග කළ ඉසව් වල හතර වන , පස් වන සහ හය වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

මෙම ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට වයස අවුරුදු 20 න් පහළ රටවල් 34 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී තුන් පිම්ම ගැහැණු සහ මීටර් 100 × 4 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් වාර්තාවක් තබමින් රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණි .

මීට අමතරව මීටර් 400 × 4 සහාය දිවීම  පිරිමි , ගැහැණු සහ මිශ්‍ර යන ධාවන ඉසව් වලින් ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙවර තරගාවලිය සදහා චීනය විශාල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් මෙම තරගාවලිය පුරා අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත දැඩි තරගකාරිත්වයක් ලබා දුන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ප්‍රසන්න ඉන්දික මහතා පැවසීය .

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම අද දින අලුයම 01.00 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් , සිසුන් , අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයට ඉදිරි දින වල ගිගුරුම් සහ අකුණු සහිත තද වැසි
Next Article ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය කෙරේ
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.