Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය කෙරේ
Sri Lankan news

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය කෙරේ

kumudikaBy kumudikaApril 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටී.

ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රති නිර්මාණය කෙරේ. එමෙන්ම ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ. මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා කියා සිටියේය.

මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකේ. එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි. මෙරට ඉතිහාසයේ අනුවේදනීයම කතා පුවතට මූලික වූ ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේය. ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබේ. එහි දී ඔවුන් වලව්වේ මුල් ස්වරූපයට හානි කරමින් නව සිර මැදිරි පරිශ්‍රයක්ද ඉදිකර ඇති බව සදහන්ය. උඩරට එක්සත් කර ගැනීම සදහා විමුක්ති අරගලය මෙහෙයවන ලද මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල නිලමේතුමා ඇතුලු ජාතික වීරවරයන් 50කට ආසන්න පිරිසක් ඉංග්‍රීසින් මෙහි සිරගත කර තිබේ.

වසර දෙදහකට වඩා පැරණි පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොල වලව්ව වර්ෂ 2013දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රති සංවර්ධනය කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් පල කළ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සදහන් කළේ රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශයන්ට ද යටත්ව මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරිණ. ඒ සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවිත හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දුන් බව ඒකනායක මහතා පවසයි.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබේ. මෙම වලව්ව දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය ද ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු කනිෂ්ඨ මලළ ක්‍රීඩා තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Next Article E.P.F. පොලිය ඉහලට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.