Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලෝක කම්කරු දිනය අදයි
Sri Lankan news

ලෝක කම්කරු දිනය අදයි

kumudikaBy kumudikaMay 1, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වැඩ කරන ජනතාවගේ දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනයත් කම්කරු ව්‍යාපාරය විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල හා ජයග්‍රහණ සිහිපත් කිරීමත් පෙරදැරි කරගෙන සමස්ත ලෝකයම අද (01) කම්කරු දිනය සමරති.

පොලිස් කොට්ඨාස 19ක, පොලිස් වසම් 35ක් ආවරණය වන පරිදි පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. රැස්වීම් සහිත පෙළපාළි 08ක් සහ රැස්වීම් පමණක් 06ක් කොළඹ නගරයේ පමණක් පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂය මඟින් සංවිධාන කරන මැයි රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාවත්තේදී පැවැත්වේ. මෙවර එක්සත් ජාතික පක්ෂය මඟින් මැයි දින පෙළපාළියක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය “රොඳ බඳිමු අපි ඉත සිතින් – එක්සත්ව හදවතින්“ තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල‍ කැම්බල් උද්‍යානයේදී පස්වරු 2ට පැවැත්වේ.

එහි මැයි දින පෙළපාළිය නාරාහේන්පිට පොලිසිය අසලදී පස්වරු 12.30ට ආරම්භ වන අතර වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් නියෝජිතවරු 5000කට වැඩි පිරිසක් මෙයට එක් වීමට නියමිතය. සමගි ජන බලවේගය විසින් මැයි රැලි දෙකක් කොළඹ චැතැම් වීදියේ සහ වතුකරයේ පැවැත්වේ. සමඟි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩා පිටියෙන් පස්වරු 2ට ආරම්භ වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලිය චැතැම් වීදියේදී පැවැත්වේ.

“රට හදන විසඳුමට ජනබලය එක පෙළට“ මැයෙන් ජාතික ජන බලවේගය විසින් කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදී මැයි රැලි හතරක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර යාපනයේ රැලිය උදේ 10ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වේ. කොළඹ මැයි රැලිය පස්වරු 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

මාතර මැයි පෙළපාළිය සවස 2.00 ට රාහුල හන්දියෙන් ආරම්භ වේ. රැලිය පස්වරු 3.30ට මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්වේ. අනුරාධපුර මැයි පෙළපාළිය සවස 2ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ. රැලිය පස්වරු 3.30ට මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පැවසුවේ, ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයන් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි පෙළපාළිය කොළඹ මාලිගාකන්දේ වයිට් ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ආනන්ද මාවත ඔස්සේ මරදාන ටී.බී. ජයා මාවතේ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී අදට වසර 31ක් සපිරීම නිමිත්තෙන් උසාවි සංකීර්ණය අසල ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද පැවැත්වීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු ඒකාබද්ධ වාමාංශික මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මැයි පෙළපාළිය පස්වරු 2ට නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් ආරම්භ වේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු මේ අවස්ථාවට එක් වෙති. සමසමාජ පක්ෂයේ පිරිසක් ද මේ අවස්ථාවට එක් වෙන බව පැවසේ.

ලංකා සමසමාජ පක්ෂයේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පස්වරු 2ට පැවැත්වේ.

කොළඹ නගරය සඳහා පොලිස් නිලධාරීන් 6000ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350කට වැඩි පිරිසක් යොදවන අතර අවශ්‍ය වුවහොත් සහ සුවිශේෂ තත්ත්වයක් ඇතිවුවහොත් පමණක් යුද හමුදාවේ ද සහාය යොදා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙලෙස පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම සිදු කරන්නේ කොළඹ නගරයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව පහසුව සහ මැයි දින පෙළපාළි සහ රැස්වීම් මෙන්ම සැමරුම් උත්සවවල ආරක්ෂාව සඳහා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. කොළඹ නගරයට අමතරව දිවයින පුරා පොලිස් නිලධාරීන් 3000කට ආසන්නව යොදවන බවත් අවශ්‍ය වුවහොත් කැඳවීම සඳහා යුද හමුදාව පොරොත්තු ලේඛනයේ තබා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මැයි දින රැලි සහ පෙළපාළි සඳහා ගමන් කරන ජනතාවට ආරක්ෂාව ලබා දිය යුත්තේ කෙසේද, විවිධ පාර්ශ්ව අතර ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම, යම්කිසි ආකාරයක ගැටුමක් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීමට කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිලිබද උසස් පොලිස් නිළධාරීන් දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත. දිවයිනේ කුමන ස්ථානයක යම්කිසි සිදුවීමක් වුවද ක්ෂණිකව ඒ සඳහා හඳුන්වා දී ඇති දුරකතන අංක 06 ඔස්සේ තොරතුරු ලබා දිය හැක. මැයි දිනයේදී ගුවන්තොටුපොළට යෑම, රෝගීන් රෝහල්වලට ගෙන යෑම සහ අතවශ්‍ය කරුණකට යෑමට පිටත්ව ඇති විට මාර්ග තදබදයකට හසුව ඇති නම් ආසන්නයේම ඇති පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස ද ඔවුන් විසින් ඔබට අවශ්‍ය පරිදි ගමන් පහසුව සැලසීමට කටයුතු කරනු ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

බීමත්ව සහ අශෝභනව හැසිරෙනවා නම් කලබලකාරී ලෙස හැසිරෙන්නේ නම් ආරක්ෂාවට තර්ජනය වන පරිදි යම් කිසිවකු කටයුතු කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පොලිසිය තදින් නීතිය ක්‍රියාත්මක කරන අතර අදහස් ප්‍රකාශ කිරීමේ පෙළපාළි යෑමේ අයිතියට කිසිදු බාධාවක් සිදු නොකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅයහපත් කාලගුණය හමුවේ සියලුම ඩුබායි පෞද්ගලික පාසල් සඳහා දින 2 ක දුරස්ථ ඉගෙනුම් ක්‍රමයක්
Next Article තෙල් මිල පහලට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.