Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dewa»Al maktoum global water award සදහා අයදුම් කිරීමේ අවසන් දිනය මැයි මස අග තෙක් දීර්ඝ කෙරේ
Dewa

Al maktoum global water award සදහා අයදුම් කිරීමේ අවසන් දිනය මැයි මස අග තෙක් දීර්ඝ කෙරේ

kumudikaBy kumudikaMay 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Mohammed bin Rashid Al Maktoum Global Water Award සඳහා ඇති උනන්දුව හේතුවෙන් Mohammed bin Rashid Al Maktoum Global Initiatives යටතේ එමීර් රාජ්‍යයේ ජල ආධාර පදනම (Suqia UAE), ඊට අයදුම් කිරීමේ අවසාන දිනය 4 වනදා දක්වා දීර්ඝ කර ඇත. Mohammed bin Rashid Al Maktoum Global Water Award හි, මුළු ත්‍යාග ඩිරාම් මිලියන 1ක වටිනාකමකින් යුක්ත වේ.

මෙම සම්මානය ලොව පුරා ජල හිඟයට විසඳුම් සෙවීම සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සෙවීම අරමුණු කරයි. සම්මානයට සහභාගී වීමට කැමති ලොව පුරා සමාගම්, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන, පර්යේෂණ ආයතන, නවෝත්පාදකයින් සහ තරුණ තරුණියන්ට 2024 මැයි මස අවසන් වන විට ඔවුන්ගේ අයදුම්පත් සම්පුර්ණ කර ඉදිරිපත් කළ හැකිය. මෙම සම්මානය නව්‍ය ව්‍යාපෘති, තාක්ෂණයන්, සංවර්ධනය දිරිමත් කිරීම අරමුණු කරයි. සූර්ය, සුළං, ජෛව ස්කන්ධ, ජල විදුලිය, ඔස්මොටික් බලය සහ භූ තාප තාක්ෂණයන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් ජලය ලවණීකරණය සහ පිරිසිදු කිරීමේ මූලාකෘති මීට ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අති ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් මහතාගේ ජල හිඟයේ අභියෝගවලට විසඳුම් සෙවීමේ දැක්ම මෙම සම්මානයෙන් පිළිබිඹු වේ. මෙය ඉදිරි පරම්පරාවන් සඳහා දීප්තිමත් අනාගතයකට සහාය වේ. සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 2030 හි 6 වන ඉලක්කයට මෙම සම්මානය සහාය වේ.

මෙම සම්මානය ආයතන, පර්යේෂණ මධ්‍යස්ථාන සහ නවෝත්පාදකයින්ගේ අවධානයට ලක්ව ඇති අතර පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ගෝලීය ජල අර්බුදයට ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමේ ගෝලීය වේදිකාවක් බවට පත් විය. Mohammed bin Rashid Al Maktoum Global Water Award හි රටවල් 22ක ජයග්‍රාහකයින් 31 දෙනෙකුට ත්‍යාග පිරිනමයි. සම්මානයට ප්‍රධාන කාණ්ඩ හතරක් ඇත. නවෝත්පාදන ව්‍යාපෘති සම්මානය, විශාල ව්‍යාපෘති සම්මානය සහ කුඩා ව්‍යාපෘති සම්මානය ඇතුළත් වේ. ජාතික ආයතන සම්මානය සහ ජාත්‍යන්තර ආයතන සම්මානය ඇතුළත් නවෝත්පාදන පර්යේෂණ සහ සංවර්ධන සම්මානය; විශිෂ්ට පර්යේෂණ සම්මානය සහ තරුණ සම්මානය ඇතුළත් නවෝත්පාදන පුද්ගල සම්මානය; සහ Innovative Crisis Solutions සම්මානය යන කාණ්ඩද මීට ඇතුළත්ය.

ජල හිඟයේ අභියෝගවලට විසඳුම් සපයන නව්‍ය තාක්‍ෂණයන් දියුණු කළ ලොව පුරා සමාගම්, පර්යේෂණ මධ්‍යස්ථාන, පර්යේෂණ ආයතන, නවෝත්පාදකයින් සහ තරුණයින්ට 2024 මැයි 31 දක්වා https://www.suqia.ae වෙබ් පිටුව හරහා මෙම සම්මානය සඳහා ලියාපදිංචි විය හැකිය.

Dubai Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA හි පාරිභෝගික සභාව Rashdiya, Umm Suqeim සහ Al Khawanej හි පදිංචිකරුවන් සමඟ සේවා සංවර්ධන සාකච්ඡාවක
Next Article ICC එක් දින ක්‍රිකට් සම්මානය චමරිට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.