මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ මස 5 දා දක්වා විදෙස් සංචාරකයන් 806,698 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද එය පසුගිය වසරේ ඒ කාලයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
මේ මස මුල්දින පහක කාලයේදී පමණක් විදෙස් සංචාරකයන් 22,047 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉන් වැඩිම පිරිස ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,351ක් බවද මාලදිවයිනෙන් සංචාරකයන් 2,489 දෙනකු මෙරටට පැමිණ තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව මැයි මාසයේ පළමු දින 5 තුළ පැමිණ ඇති සංචාරකයන්ගෙන් 20%ක් ඉන්දීය සංචාරකයන් වන අතර එක්සත් රාජධානියෙන් 1,508ක් සහ රුසියාවෙන් 1,460ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත. මෙලෙස ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් අතුරින් දෙවැනි තැනට මාලදිවයින පත් වීමද විශේෂත්වයක් වේ.