Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»ඉදිරි කාලගුණ ආපදා අවම කිරීමට පූර්ව සැලසුම්
Weather

ඉදිරි කාලගුණ ආපදා අවම කිරීමට පූර්ව සැලසුම්

kumudikaBy kumudikaMay 16, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාර විය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙර සුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.  

පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව  අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය. 

මෙවර නිරිත දිග මෝසම තත්වය මැයි මස තෙවන සතිය වන විට සක්‍රීය විය හැකි බවත් බොහෝවිට මැයි 25 වන දින වන විට ආරම්භ විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කරයි. මෙවර නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවත් නිරිත දිග මෝසම් වර්ෂාව පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩි විය හැකි බවත් පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.

එසේම මෙම කාල සීමාව තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාප වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් පුරෝකථනය කරනු ලබන වර්ෂාපතනය ඉක්මවා වර්ෂාව ලැබිය හැකි බව මෙහි දී පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණවිද්‍යා නිවේදන පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දී ඇත. 

කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පුරෝකථන පදනම් කර ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් ආපදා අවදානම නිරීක්ෂණ කිරීම සදහා කටයුතු කරනු ලබන බවත් අදාල නිවේදනය අනුව කටයුතු කිරීමේ වැදගත් කමත් අවධාරණය කරන ලදී. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල මට්ටම සළකා බැලීමේ දී 75% ක පමණ ප්‍රතිශකයක් ජලය පිරී පවතින බවත් ජල පෝෂක ප්‍රදේශ සඳහා ලැබෙන වර්ෂාව පිළිබඳව අවධානය යොමු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර ආපදා කළමනාරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ වැදගත් කම පිලිබද සඳහන් කලේය.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන විට හදුනාගෙන ඇති නාය යාම් අධි අවදානම් කලාපවල පිළිබදව අවධානය යොමු කරන බව මෙහි දී පෙන්වා දෙන ලදී. නමුත් පසුගිය වර්ෂවල දත්ත සළකා බැලීමේ දී කණ්ඩි කඩාවැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන ලදී. එබැවින් මහජනතාව මේ පිබදව දැනුවත් කිරීම සහ වැඩි අවධානය යොමු කරවීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
ආපදා සහන සේවා සදහා ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් 2024 වර්ෂය තුළ රුපියල් මිලියන 61 ක් පමණ දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමු කර ඇති අතර අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පරිදි ලබාදීමට කටයුතු කරන බව මෙහි දී අවධාරණය කලේය.

නිරිත දිග මෝදම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදාවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කිසියම් ආපදා තත්වයක් නිසා ඇතිවිය හැකි ජීවිත හානි අවම කර ගැනීම සදහා කටයුතු කිරීමේ දී අවම කාලයකින් අවශ්‍ය පිවර ගැනීම තම අරමුණ බවත් සියලු අත්‍යවශ්‍ය සේවා බලපැමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පිවර ගැනීම පාර්ශව කරුවන් විසින් සහතික කළ යුතු බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් මෙහි දී අවධාරණය කරන ලදී.

එබැවින් පාර්ශවකාර ආයතන අතර මනා සම්බන්ධීකරණය, තොරතුරු බෙදාහැරීම සහ පුර්ව අනතුරු පිළිබදව මහජනතාව දැනුවත් කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.  

නිරිත දිග මෝසම් කාලසීමාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් පසුගිය නිරිත දිග මෝසම් කාලසීමාව තුළ බස්නාහිර පළාත තුළ වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඇති විය හැකි අවදානම අවම කරගැනීම සදහා අවධානය යොමු විය යුතු බවත් ඊට අමතරව මී උණ ව්‍යාප්තවීම මෙම කාලසීමාව තුළ සැළකිය යුතු අන්දමින් වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන තුළින් ගම්‍ය වන බව අවධාරණය කරන ලදී. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ලොක ආහාර වැඩසටහන විසින් මුල්‍ය අනුග්‍රහය දක්වන ලදී. 
එක්සත් ජාතීන්ගේ ලොක ආහාර වැඩසටනේ මෙරට නියෝජිත අබ්දුර් රහීම් සිද්දික් මහතා  ඇතුලු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන නියෝජිතයින්, පාර්ශවකාර ආයතන නියෝජනය කරමින් රජ්‍ය නිලධාරින් සහ  ත්‍රිවිධ හමුදාව‚ පොලීසිය, රාජ්‍යය නොවන සංවිධාන, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී වු අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී විය.

මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන සදහා තාක්ෂණික ආයතන විසින් සිදු කරනු ලැබු ඉදිරිපත් කිරම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වෙබ් අඩවියෙන් (www.dmc.gov.lk) භාගත කරගත හැකිය. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 චීන-අරාබි ව්‍යවසායක සමුළුව අද ඇරඹේ
Next Article ශ්‍රි ලංකා ජනපති ලෝක ජල සමුළුවට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.