Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී ඇරඹෙයි
Sri Lankan news

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී ඇරඹෙයි

kumudikaBy kumudikaMay 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රාජ්‍ය වෙසක් උත්ස­වය මාතලේ නග­රය කේන්ද්‍ර කර ගනි­මින් පෙරේදා (21) අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මාතලේ ශ්‍රී ධර්ම­රාජ පිරි­වෙ­නේදී ආරම්භ විය.

“අත්තනො ච අචෙ­ක්ඛෙය්‍ය කතා­නි­අ­ඛ­තානි චÓ – “අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විම­සි­ලි­මත් වෙමු”. යන්න මෙවර රාජ්‍ය වෙසක් උත්ස­වයේ තේමා­වයි.

ලබන 27 වෙනිදා දක්වා රාජ්‍ය වෙසක් උත්සව සතිය ක්‍රියා­ත්මක වන අතර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (23) වන දින වෙසක් පොහොය නිමි­ත්තෙන් පැවැ­ත්වෙන විශේෂ ආග­මික වැඩ­ස­ට­හ­නක් ධර්ම­රාජ පිරි­වෙ­නෙහි පව­ත්වනු ලැබීය.

රාජ්‍ය වෙසක් උත්ස­වය ආරම්භ කර­මින් අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ අතින් වෙසක් උත්ස­වය වෙනු­වෙන් පැවති අධ්‍යා­ප­නික ප්‍රද­ර්ශන කුටිය විවෘත කළ අතර රාජ්‍ය වෙසක් උත්ස­වය නිමි­ත්තෙන් සමරු මුද්දර නිකුත් කිරීම ජන­මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අතින් සිදු කෙරුණි.

විහා­ර­ස්ථාන සඳහා ආධාර මුදල් පරි­ත්‍යාග කිරීම, භික්ෂූන් වහ­න්සේ­ලාගේ අධ්‍යා­පන කට­යුතු සඳහා ආධාර ලබා­දීම, දහම් පාසල් සඳහා ඩෙස් පුටු ලබා­දීම මෙහිදී සිදු විය.

ශ්‍යාමෝ­පාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ විජි­ත­සිරි නා හිමි, ශ්‍යාමෝ­පාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක ආණ­ම­ඩුවේ ධම්ම­දස්සි නාහිමි, සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනා­ම­ළුවේ ශ්‍රී සුමං­ගල මහා නා හිමි, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානේ පඤ්ඤා­සාර හිමි, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝ­නා­යක කොස්ගොල්ලේ සීල­ර­තන නා හිමි, ඇතුළු ත්‍රෛයි නිකා­යික මහා සංඝ­ර­ත්නය අන්‍යා­ග­මික පූජක ප්‍රසා­දීන් වහ­න්සේලා, දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, බුද්ධ ශාසන ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය විදුර වික්‍ර­ම­නා­යක, මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන නාලක බණ්ඩාර කෝට්ටේ­ගොඩ, යදා­මිණි ගුණ­ව­ර්ධන, ගුණ­ති­ලක රාජ­පක්ෂ, රෝහිණී කවි­රත්න, ඇතුළු මැති ඇමැ­ති­වරු, තානා­ප­ති­වරු, බුද්ධ ශාසන අමා­ත්‍යාංශ ලේකම් සෝම­රත්න විදා­න­ප­ති­රණ ඇතුළු රාජ්‍ය නිල­ධා­රින්, සැදැ­හැ­ව­තුන් රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකුරුළු පිහාටුවක් ඩොලර් 28,400 කට අලෙවි වෙයි
Next Article RTA විසින්  2023-2030 ඩිජිටල්කරණය වූ නව්‍ය මුලපිරීම් 24ක් එළිදක්වයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.