Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ගැටලුකාරී තත්ත්වයක
sri Lankan special

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ගැටලුකාරී තත්ත්වයක

kumudikaBy kumudikaMay 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බරපතළ ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ලොව විශාලතම මහජන සබඳතා සංවිධානය වන Public Relations & Communications Association (PRCA) හි දේශීය නියෝජිත Thanzyl Thajudeen මහතා අවධාරණය කරයි.

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ විවිධ අභියෝග ගණනාවක් අපට දැකිය හැකිය. කර්මාන්තයට අලුතින් ප්‍රවේශ වන පිරිස තුළ ඇති අඩු කුසලතා සහ ආකල්පමය දුර්වලතා, මාධ්‍ය ආචාරධර්ම සහ රහස්‍යභාවය මුළුමනින් නොසලකා හැරීම, ශ්‍රම සහ කුසලතා හිඟය, දැනට කර්මාන්තයේ නියැළී සිටින වෘත්තිකයින් අධික රාජකාරි පැවරීමෙන් විඩාවට පත්වීම, මාධ්‍ය සහ වාර්තාකරණයේ ගුණාත්මකබව ගිලිහීම, යාවත්කාලීන නොවුණු වැටුප් තල සහ ව්‍යාපාර ආදායම් ක්‍රම, ප්‍රවෘත්ති සහ සිද්ධි පමණට වඩා සංවේදීකරණයට ලක්කිරීම, සාවද්‍ය තොරතුරු සහ න්‍යාය පත්‍ර මත ඉදිරිපත් කෙරෙන තොරතුරු අධික වීම ආදී අභියෝග රැසක් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය මුහුණ දෙමින් සිටියි.

විශේෂයෙන්ම උපාධිධාරීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන වෘත්තිකයින් අතර විවිධ දුර්මත ගණනාවක් පවතියි. එම නිසා ප්‍රවීණ මාධ්‍ය වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පිරිස් දායක කරගනිමින් මෙම දැනුම අලුත් පරපුරට ලබා දීම සිදුකළ යුතුය. එහිදී නීතිය, සමාජ විද්‍යා සහ මනෝ විද්‍යා ආදී විෂයන් ද අලුත් මාධ්‍ය වෘත්තිකයින්ගේ දැනුමට එක්කිරීම වැදගත් වේ. මාධ්‍ය වෘත්තිකයෙක්ට සියලු විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පරිණත බව, අවංක බව සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ගුණයත් මාධ්‍යවේදියෙකු සතු වැදගත් ගුණාංග ලෙස හැඳින්විය හැකිය. මෑතක අප කළ නිරීක්ෂණ අනුව, ශ්‍රම හිඟය නිසා විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය ආශ්‍රිතව කර්තෘවරු විශාල ලෙස විඩාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබේ.

මාධ්‍ය හිමිකාරීත්වය මේ පිළිබඳ දැනුම්වත් විය යුතුය. වර්තමානයේ නොවෙතත් ඉදිරි කාලයේදී මෙම ශ්‍රම හිඟය නිසා දක්ෂ මාධ්‍යවේදීන් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත්ව යාමේ දැඩි අවදානමක් ඇත. මෙම තත්ත්වය මහජන සබඳතා ක්ෂේත්‍රයටත් බලපෑම් එල්ල කරන අතර මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එක්වන වෘත්තිකයින්ගේ කුසලතා මට්ටම සහ ආකල්ප මහජන සබඳතා කර්මාන්තයට ද අභියෝගයක් වී තිබේ. අනපේක්ෂිත කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වුණු විවිධ ක්ෂේත්‍ර අතුරින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය විශේෂ වේ. කෙසේ නමුත් එහිදී පැන නැඟුණු පුවත්පත් කඩදාසි සපයාගැනීමේ ගැටලුව, ආදායම් ගැටලුව හෝ මුද්‍රිත මාධ්‍ය පරිශීලකයින්ගේ අඩුවීම ආදිය තවදුරටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයට අදාළ සුවිශේෂී ගැටලු නොවේ.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article55 සපිරුණු සියළු ශ්‍රමිකයන්ට නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කෙරේ
Next Article RTA විසින් අභ්‍යන්තර මාර්ග A11 සහ A26 Al Mizhar හි පුළුල් කිරීම සම්පූර්ණ කෙරේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.