උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව මේ සතියේ ඉන්දියාවේ නගර 37කට වැඩි ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊයේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.3ක අගයක් ගත් බවත්, නගරයේ බොහෝ ප්‍රදේශවලට දැඩි අවදානම්සහගත උෂ්ණත්වයක් පවතින බවට එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් වායුසමීකරණ නොමැතිව නඩු විභාග සිදු කළ නොහැකි බව කියමින් නවදිල්ලි නුවර අධිකරණයක විනිසුරුවරයකු නඩු වාරය නවතා දැමූ බව ද වාර්තා වේ.