Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»දිවයිනේ වෙරළ තීර 28 ක් නිල් ධජ කිරීමට සැරසෙයි
Visit Sri Lanka

දිවයිනේ වෙරළ තීර 28 ක් නිල් ධජ කිරීමට සැරසෙයි

kumudikaBy kumudikaJune 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකාවේ වෙරළ තීර 28 ක් “නිල්ධජ වෙරළ තීර” බවට පත් කිරීමට අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීර වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වෙරළ තීරයන් තෝරාගෙන ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත වේ.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32 ක මුදලක් ආරුගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇත. අදාල මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියාමන ව්‍යාපෘතියක් වන පාසිකුඩා වෙරළ තීරය මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාල කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට ද හැකියාව ලැබෙන බව හඳුනාගෙන ඇත.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කලමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග හතර යටතේ වූ නිර්ණායක 32 ක් සම්පුර්ණ කිරීමෙන් අනතුරුවය.

ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි සංඛ්‍යාවක මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article20-20 ලෝක කුසලානයේ පලමු තරඟ ජය ඇමරිකාවට
Next Article එමීර් රාජ්‍යයේ ‘Cyber Pulse’ වැඩසටහන WSIS ත්‍යාග 2024 හි ගෞරව සම්මාන දිනා ගනී
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.