Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 10 ක්
Sri Lankan news

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 10 ක්

kumudikaBy kumudikaJune 3, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇත.

ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාම, කිරිඇල්ලේ කාන්තාවක ගසක අත්තක් කඩා වැටී ඊට යටවී මිය යාම,  ඇහැලියගොඩ නි‍වසක් මතට වැටුණු පස් කණ්ඩියකට යටවී 11 හැවිරිදි දැරියක මිය යාම, අයගමදී ජලයේ ගසාගෙන ගොස් පිරිමි පුද්ග‍ලයකු මිය යාම, ගම්පොළ අටබාගේ දී මාර්ගය අතු ගාමින් සිටි කාන්තාවක එකවර පැමිණි සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාම, අකුරැස්සේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පිරිමි පුද්ගලයින් දෙදෙනකු මිය යාම, පුවක්පිටියේ දියේ ගිලී තිදෙනකු මිය යාම ආදි ලෙස වැසි හා ගංවතුර හේතුවෙන් මරණ වාර්තාවී තිබේ.

මිට අමතරව මාතර දිස්ත්‍රික්කය තුළ අතුරුදන්වීම් දෙකක් ද වාර්තා වී ඇති අතර අතුරුදන්ව ඇත්තේ ළමුන් දෙදෙනෙකි.
අධික වර්ෂාව හේතුවෙන් ගංඟා, ඇළ දොළ පිටාර ගැනීමෙන් බස්නාහිර පළාතේ , මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල නිවාසයන් හි වහලවල් නොපෙනෙන ප්‍රමාණයට ජලය පිරී තිබුණු අතර මහා මාර්ග රැසක වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී තිබුණි.

වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ සහ මහා මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග අවහිර විය. ඇතැම් මාර්ගවල පාලම් කඩා වැටීම්, ගස් කඩා වැටීම්, දේපළ හානි සිදුවීම් ඇතිවිය.
ඊයේ පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 436.5ක් ලෙස ඇහැලියගොඩින් වාර්තා විණි. මෙම අගයට වැඩි වර්ෂාපතනයක් 2017 මැයි 25 දින කුකුළේ ගඟින් වාර්තා වී තිබේ. එය මිලිමීටර් 553ක් බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

හල්වතුර වතු යායට මි.මී 349ක් ද, මාකෙළි ඇල්ලට මි.මී 301.5ක් ද, අගලවත්තට මි.මී 297ක් ද, දැරණියගල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මි.මී 294ක් ද, රත්නපුරට මි.මී 281.9ක් ද,ශාලාව වතු යායට මි.මී 280.5ක් ද, දිද්දෙණිපොත තේ කර්මාන්ත ශාලාවට මි.මී 269.5ක් ද, දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවට මි.මී 266ක් ද, බටුවන්ගලට මි.මී 264.2ක් ද, දෙල්වල තේ කර්මාන්ත ශාලාවට මි.මී 259ක් ද බෝගොඩ තේ කර්මාන්ත ශාලාවට මි.මී 232ක් ද, හංවැල්ලට මි.මී 230ක් ද, වෝගන් වතුයායට මි.මී 224.3ක් ද, මාළිබොඩට මි.මී 220ක් ද, ලක්ස කන්දට මි.මී 202.5ක්ද, ගුරුළුවානට මි.මී 198ක්ද, කිරිඇල්ලට මි.මී 190.5ක්ද, දෙණියාය තේ වතු යායට මි.මී 183.5ක්ද, අතුරලියට මි.මී 169 ක්ද, හිනිදුමට මි.මී167.5ක් ලෙස ද වර්ෂාපතනයන් ඊයේ (02) පෙරවරු 8.30 වන විට වාර්තා විය.

බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව අද (03) දින පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින මෙම වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඊයේ (02) සිට ඇදහැලෙන දැඩි වර්ෂාවට නිරිතදිග මෝසම සහ සුළං රටාවේ කැලඹිලි ස්වභාවයක් හේතු වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ද්‍රෝණිවලට නිකුත් කර තිබෙන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අද (03) සහ 04 දින දක්වා වලංගු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර මහතා පැවැසීය.

කැලණි ගඟ ද්‍රෝණිය ද මේ වන විට ගංවතුර මට්ටමක පවතියි. එම නිසා සීතාවක, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, කඩුවෙල, කොළොන්නාව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට පවතින ගංවතුර බලපෑම තවදුරටත් අද (03) වන තෙක්ම වර්ධනය වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. විශාල මට්ටමේ ගංවතුරක් කැලණි ගඟ ද්‍රෝණියෙන් බලාපොරොත්තු නොවන බව ද ඔහු පැවැසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරය හරහා ගලා බසින කිරම ඔයේ ජල මට්ටමත් ඇතැම් ස්ථානවලින් ගංවතුර තත්ත්වයකට පත්ව තිබේ. පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පාදුක්ක පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොළ, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඬුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිල්ල, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳව ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පනස් අටක් සඳහා නාය යම් පිළිබඳ දෙවැනි අදියරේ සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (03) පස්වරු 4.00 දක්වා වලංගු වේ.

තංගල්ල සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනු ලැබේ. එමෙන්ම ගිනිකොන දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් හැට හැටපහක ඉතා තද සුළං සහ වැසි පවතින නිසා එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ද රතු නිවේදන නිකුත් කරමින් ඉල්ලා ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF තුන්වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා ඉදිරියේදී
Next Article ඩුබායි පොදු වෙරළ තීරය ගෝලීය මට්ටමේ ප්‍රමිතීන්ට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.