2024 මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 112,128 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන වලින් සඳහන් කර ඇත.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 896,779 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැයි මාසයේ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.8% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 32,254 කි.
මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් 8,094 ක්, මාලදිවයිනෙන් 8,040 ක්, චීනයෙන් 7,511 ක් සහ ජර්මනියෙන් 7,495 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.