Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජූලි 1 දා සිට විදුලි බිල අඩු වෙයි
Sri Lankan news

ජූලි 1 දා සිට විදුලි බිල අඩු වෙයි

kumudikaBy kumudikaJune 7, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන මස 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කලේය.

ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයන්ට මෙම යෝජනා මඟින් වැඩි සහනයක් ලබාදීම සිදු වන බවත් එම යෝජනාවන්ට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඒකක 0ත් – 30ත් අතර විදුලිය භාවිත කරන ලක්ෂ 18ක පමණ පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමටත් ඒකක 30ත් – 60ත් භාවිත කරන ලක්ෂ 20කට අධික විදුලිය පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩු කිරීමටත් ඒකක 60ත් – 90ත් භාවිත කරන ලක්ෂ 15ක් පමණ පාරිභෝගිකයන්ට ඒකකයක මිල රුපියල් 30 සිට රුපියල් 18 දක්වා අඩු කිරීමටත් ඒකක 120 දක්වා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ට ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩු කිරීමටත් යෝජනා කර ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒකක 120 කාණ්ඩයට අයත් පිරිස බොහොමයක් වන අතර රාජ්‍ය සේවකයන්, මාසික වැටුප් ලබන පුද්ගලයන් ඇතුළු මැදි ආදායම් ලබන පිරිස මෙම කාණ්ඩයට අයත් බවත්, විදුලිය පාරිභෝගිකයන් ලක්ෂ 68ක් සිටින අතර ඉන් ලක්ෂ 40කට වැඩි පිරිසකට විශාල සහනයක් යෝජනා කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ආගමික සිද්ධස්ථාන, කුඩා කර්මාන්ත, පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන යනාදියට ද මේ හා සමානවම විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

විදුලි බිල අඩු කිරීම සඳහා වන විදුලිබල මණ්ඩලයේ යෝජනා අද හෝ හෙට මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් මණ්ඩලයේ යෝජනාවන්ට වඩා තවත් විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජෙබෙල් අලි හි පළමු වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථානය දියත් කරයි
Next Article වසරේ මුල් කාර්තුවේ දිවයිනේ කෘෂි නිෂ්පාදන අපනයන ආදායම පහලට
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.